leader s

තවත් කොරෝනා ආසාදිතයන් 185 දෙනෙක් ඊයේ (08) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.



ඒ අනුව ඊයේ දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 757කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 569,928ක් දක්වා ඉහළගොස් තිබේ.




තවත් කොරෝනා මරණ 28ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) පස්වරුවේ තහවුරු කළ එම මරණ වාර්තා වී ඇත්තේ පෙරේදා (07) දිනයේදීය.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පුරුෂයින් 15 දෙනෙකු වේ .

අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන පුද්ගලයින් 7 දෙනෙකු මියගිය අය අතර සිටී.

සෙසු පුද්ගලයින් අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.




ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ක්‍රමයෙන් ඉහළට

ඒ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වනවිට ක්‍රමයෙන් ඉහළයමින් පවතී. ඒ, ඔමික්‍රොන් නව ප්‍රභේදය ව්‍යාප්තවීමේ දැඩි අවදානම හමුවේ යුරෝපා කලාපීය කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනන ඉහළයාමක්ද පැවතියදී ය.

එමෙන්ම වෛරසයේ අවදානම අවම කිරීම සඳහා යුරෝපා රටවල් රැසක් නව සීමා හඳුන්වාදෙමින් සිටින අතර මෙසේ නව සීමා හඳුන්වාදුන් රටවල් අතරට නෝර්වේ, පෝලන්තය, ස්වීඩනය අයත්වෙයි.

නව සීමා යටතේ ගෘහස්ථ ස්ථානයකට එක්වර එක්විය හැකි පිරිස 10කට සීමා කිරීමට නෝර්වේ රාජ්‍යය කටයුතු කර ඇත.

සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති නත්තල් සාදයකින් කොවිඩ් පොකුරක් ආරම්භවීමේ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තා විය. සාදය සඳහා එක්වූ 170ක පමණ පිරිසෙන් 70දෙනෙකු ආසාදිත වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ආසාදිත සෞඛ්‍ය සේවකයින් සියලූමදෙනා පූර්ණ වශයෙන් කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය වන අතර ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්වන බවද සඳහන්.

එමෙන්ම ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය එක්සත් රාජධානිය තුළ සමාජ සම්ප්‍රේෂණය අවස්ථාව දක්වා පැමිණ ඇතැයි එරට සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් ඊයේ තහවුරු කර ඇත.

 


 

THE  LEADER  TV
 
 
 

නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්! 

 

 බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්