දේශපාලන මැදිහත් වීමක් සිදුකොට ලංකාවේ රාජ්‍ය සංස්ථාපිතයෙන් වහාම ජාතිවාදය ඉවත් කළ යුතු බව 'සමබිම' පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න

පවසනවා.

එසේ නොකළහොත් අපේ අසල්වැසියාට පවා බලපාන අන්දමින්  වෛරී භාෂාව අපේ පුද්ගලික ජීවිතවලට ඇතුල්වීමට ඉඩ ඇති බව යි ඔහු අවධාරණය කර සිටින්නේ.



"ඔය හාමුදුරුවෝ වගේ පිරිසක් අපි දන්නවා ඔය අලුත්ගම සිද්ධිය පවා ඒගොල්ලෝ බය නැතුව ජාතිවාදය ගැන කතා කරා. වෙනද ලැජ්ජයිනේ ජාතිවාදය ගැන කතා කරන්න. දැන් බය නැතුව ජාතිවාදය ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ නිසා මොකද වුණේ මුළු රට තුළම අර වෛරී භාෂාව, පුද්ගලික මට්ටමේ තියෙන එක ජාතික තලයට ඇවිල්ලා ඒක ඊට පස්සේ දේශපාලනයට ඇවිල්ලා, රාජ්‍ය ව්‍යූහයට ආවා. ඒකෙන් ඉතාම භයානක තත්වයක් ඇති වුණා. හැබැයි මේක අපිට 2005 දී වෙනස් කරන්න තිබුණා. ඒ කියන්නේ ලංකාවේ ලිබරල් දේශපාලඥයෝ හිතනවා මේ අනන්‍යතා දේශපාලනයේ සියලු දෙනා ඉන්න ඕන කියලා."



විචාරය, විවේචනය සහ වෛරී භාෂාව යන්න පටලවා නොගත යුතු බව සමබිම' පක්ෂ නායකයා වැඩිදුරටත් කියා සිටිනවා.

"අපේ රටේ මේ වෛරී භාෂාව කියන එක අර විචාරයත් එක්ක පටලවා ගන්නවා. විචාරය කියන්නේ එකක් වෛරී භාෂාව කියන්නේ එකක්. නමුත් අපි විරුද්ධයි ඒ වෛරී භාෂාවට. විශේෂයෙන් සුළු ජාතීන්ට විරුද්ධව කරන වෛරී භාෂාව, ස්ත්‍රීන්ට විරුද්ධව කරන වෛරී භාෂාව, සම ලිංගිකයන්ට, සංක්‍රාන්ති ලිංගිකයන්ට කරන වෛරී භාෂාව ඇත්තටම තහනම් කළ යුතු දෙයක්. ඒක සමාජයෙන් අයින් කරන්න ඕන ලැජ්ජාවට පත් කළ යුතු දෙයක් විදිහට."

"අපි කළ යුතු දේ තමයි අනාගතයේදී මිනිසාගේ ජාගර සිත ඉස්සරහට එන්න නොදෙන්න නම් අපි නව සම්මුතියක් ශ්‍රී ලංකාව සඳහා හදාගන්න ඕනේ. ඒ නව සම්මුතිය හරහා අපිට පුළුවන් නැවතත් සියලුම ජාතීන් එක්ක, සියලුම මිනිස්සු එක්ක එකට එකතුවෙලා සාමයෙන් ජීවත් වීමේ අභිලාෂයක් මේ හරහා අපිට අනාගතයේ ඇති කරගන්න." 

 

 

 

Leader Whats app

 

 
 
 
 

මොළ 16 න් මොළ හතට ප‍්‍රහාරයක් ! | මොණරවිලගේ ලියමන

 

 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්