leader s

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහල දැමීමටත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 දක්වා ඉහල දැමීමටත් රජයේ අවධානය යොමුව ඇතැයි මුදල්

අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් අද රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය ජී. එල් පීරිස් පත්කර තිබේ.  ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට අමෙරිකාවට ගොස් ඇති බැවිනි.

 කෙසේවුවද විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ, අද රාත්‍රී ඉන්ධන මිල ඉහල දැමීමක් සිදු කෙරෙන බවට සමාජ මාධ්‍යවල පලවී ඇති වාර්තා සාවද්‍ය බවයි.

එසේම,  ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ දැමීම සම්බන්ධයෙන් පැතිර යන කටකතාවල සත්‍යතාවයක් නොමැති බව සඳහන් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද  ටුවිටර් පණිඩුයක් නිකුත් කර ඇත.
 
 Udaya 2021.12.16 1

 

Leader Whats app

 

 
 
මොණරෙට සීයයි සීයලාට අමාරුයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
රට ගිය බැසිල් ආයේ එන්නෙ අගමැති වෙන්න! | Gossip

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්