leader s

මෙරට ඉන්ධන මිල වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.



අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්ධන මිල මෙරට අවසන් වතාවට ඉහල දැම්මේ මැයි මාසයේ ලෝක වෙළඳ පොළේ මිල පදනම් කරගෙන බවත් එතැන් සිට මේ දක්වා 24%ක ඉන්ධන මිල ඉහළ යෑමක් ලෝක වෙළදපොලේ පෙන්නුම් කරන බවද ඔහු එහිදී පැවසීය.

ඉන්ධන මිල ඉහළ නොදැමීමෙන් සිදු වන්නේ එම පිරිවැය ද වාහන පාවිච්චි නොකරන නොකරන ජනතාව විසින් ගෙවා දැමීම බවත් එය ඔවුනට කරන අසාධාරණයක් බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යද්දී භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල වැඩි කළ යුතු බවද පැවසූ ඔහු නමුත් මෙතෙක් මිල ඉහළ දැමීමට තීරණය කර නැති බවද තවදුරටත් කියා සිටියේය.

 




ඉන්දන මිල වැඩි කිරීමේ කමිටු රැස්වීම ?

ඉන්ධන මිල ඉහල දැමීම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහල දැමීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් දෙසැම්බර් 16 දා රාත්‍රී 8.00 ට මුදල් අමාත්‍යංශයේ දී වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුනද එම රැස්වීම අවලංගු කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් වූ පුවත් වාර්තා එදින පස්වරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම එම රැස්වීම අවලංගු කිරීමට හේතුවූ බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ඊට අදාල පුවත් වාර්තා පළවීමත් සමග විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ,  ''අද රාත්‍රී ඉන්ධන මිල ඉහල දැමීමක් සිදු කෙරෙන බවට සමාජ මාධ්‍යවල පලවී ඇති වාර්තා සාවද්‍ය බවයි.''.

එහිදී ඔහු අවධාරණය කර තිබුනේ ''අද රාත්‍රී ඉන්ධන මිල ඉහල දැමීමක් සිදු නොකරන බව'' යි. එදින වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පිරිස් විසින් විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවක් හෝ ඉන්දන මිල ඉහල නොදමන බවක් හෝ ඔහු ප්‍රකාශ කර නොතිබිණ.

කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යලි දිවයිනට පැමිණීමට පෙර ඉන්දන මිල මිල වැඩි කිරීමක් සිදුකෙරෙන බවයි.

 tytyterf

 

 

Leader Whats app

 
 
 
ආර්ලාගේ ජාන විකෘතියෙන් ප‍්‍රමිති ගරටළුවක් !| මොණරවිලගේ ලියමන 
 
 
 
බැසිල් ගියේ ජනපතිටත් නොකියා!! | The Leader TV | Gossip

 
  
 

නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්