(ඡායාසිසු නායකයන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් පැවති උපාධි අපේක්ෂකාන්ගේ උද්ඝෝෂණයක්)


අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ සරසවි සිසු නායකයන් දෙදෙනකුට එරෙහිව අවුරුදු දෙකහමාරකට පසු යළිත් නඩු පවරා තිබේ.

නඩුවට අදාළ සාක්ෂි හා නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය මගින් පෙරේදා [29] දිනයේදී යාපනය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙන ලදී.

යුද හමුදාව යාපනයේ සරසවියට කඩා වැදී 2019 මැයි 03 වැනිදා කළ සෝදිසි මෙහෙයුමේදී හිටපු විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති එම්. දිවාකරන් හා හිටපු ලේකම් එස් බබිල් රාජ් අත්අඩංගුවට ගෙන කෝපායි පොලිසියට බාර දී තිබුනේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නඩු පවරන ලෙසය.

සිය ගණනක් හමුදා භටයන් යොදා ගනිමින් කළ යාපන සරසවි සෝදිසි මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් සිසු නායකයන්ගේ නේවාසිකාගාර කාමර වල තිබී විමුක්ති කොටි නායක ප්‍රභාකරන්ගේ සේයා රුවක් හා රජයේ හමුදා මගින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝන ගැන විස්තර ඇතුලත් ලියවිල්ලක් සොයා ගෙන තිබිනු බව පොලිසිය පවසයි.

කෝපායි පොලිසිය  මෙම සිසු නායකයන් දෙදෙනාට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි හා ICCRP පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින්, එදිනම සවස යාපනය මහේස්ත්‍රාත් නිවෙස වෙත රැගෙන ගොස් රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට සමත්විය.



සිරගත කර සිටී සිසුන් දෙදෙනාගේ ඇප අයදුම් පත් සලකා බැලු යාපනය මහාධිකරණය දින 13 කට පසු 2019 මැයි 16 වැනිදා ඔවුන් ඇප මත මුදා හැරිණි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පවරා ඇති වැරදි ගැන යළි සලකා බලන ලෙස මෙහිදී  අධිකරණය විසින්  නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිසියට නියෝග කළේය. ඉන් මාස 30 කට පසු දිවාකරන් හා බබිල් රාජ් සිසු නායකයන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.



2019 මැයි 03 වැනිදා සෝදිසි මෙහෙයුමේදී වෛද්‍ය පීඨ ආපන ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ඉන්දීය හමුදාවට එරෙහිව උපවාස කිරීමෙන් මිය ගිය තිලීපන්ගේ සේයාරුව සම්බන්ධයෙන් ආපන ශාලාවේ කළමනාකරුද අත්අඩංගුවට දින 12 කට පසුව ඇප මත මුදා හැරිණි.

ඔහුට එරෙහිව පවරා තිබු නඩුව පොලිසිය විසින් පසුව ඉල්ලා අස්කර ගෙන තිබේ.

 
 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්