කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේ ස්ථාපිත දුම්රිය වේලාවන් සටහන් කෙරෙන ප්‍රධාන ඩිජිටල් පුවරුව වසරකට අධික කාලයක සිට අක්‍රීය වී ඇත.



මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් මෙන්ම විදෙස් සංචාරකයින් ද දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි වාර්තාවේ.

මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවෙමින් ඇති පසුබිමක කොළඹ ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක මෙවැනි තත්ත්වයක් පැවතීම සංචාරක ක්ෂේත්‍රයට ද බලපෑමක් එල්ල කරන බව දුම්රිය මගීන් පවසති.



කොළඹ කොටුව දුම්රිය ස්ථානය සඳහා මෙම ඩිජිටල් පුවරුව වෙනුවට නව ඩිජිටල් පුවරුවක් සවි කිරිම සඳහා අවශ්‍ය කටයුතු සලසමින් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර 'නෙත් නිවුස්' කළ විමසීමකදී සඳහන් කර තිබිණ.


Leader Whats app

 
 
 
 
 
 බැසිල්ගේ ගෝලයා ජනපතිට ටොකු අනි ! | The Leader TV
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්