වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.


ජනාධිපතිවරයා සතු බලතල මත එම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු 'ද ලීඩර්' වෙත පැවසිය.  

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි පුද්ගලයින් ඕනෑම අවස්ථාවකදී අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමාට බලය ඇතැයි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ඊයේ (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබිණ.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා සිදුකර තිබු ආණ්ඩු විරෝධී විවේචනය පිලිබදවද මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි ලෙස අප්‍රසාදය පළ කර තිබිණ.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවටත්, රටේ මුහුණ සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවටත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා අවධාරණය කර සිටියේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත, කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම "ෆේල්" බවද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත විසින් සිදුකළ එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා මහින්දාන්නද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබී ඇත. ජනාධිපතිවරයා දැඩි ආවේගයෙන් යුතුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉන් අනතුරුවය.

සුසිල් ප්‍රේමජයන්ත ගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත්සේ කෝපයට පත්ව සිටින බව  'ද ලීඩර්' ඊයේ (03) රාත්‍රී වාර්තා කලේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ කරුණු වාර්තා කරමිනි. 



සබැඳි පුවත් :
ජනාධිපති ගෙන් සුසිල් ප්‍රේම්ජයන්තට දෝස්මුරයක් !  

 

271162679 469247098095164 5354916123741163180 n

 

Leader Whats app

 
 
 
 


මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි ! | මොණරවිලගේ ලියමන
 
වියත් කතා | The Leader TV
   

බැසිල්ගෙ ගෝලයා ජනපතිට ටොකු අනී! | Gossip
 


සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්