විදෙස් හි සිට පැමිණෙන ගුවන් මගීන් PCR පරීක්ෂාවකින් තොරව රටට ඇතුළු කිරීම,  මෙරට ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවීමට මුලික ම හේතුවී ඇති බව දැනට

සොයාගෙන ඇති ඔමික්‍රෝන් ආසාධිතයින්ගේ දත්ත මගින් ඉතා පැහැදිළිව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු පෙන්වා දෙයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇත්තේ, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් විසිනි.

මේ වන විටත් ජනතාව ඔමික්‍රෝන් ප්‍රභේදයට නිරාවරණය වී ඇති බවත්, ඉදිරියේදී රට ඔමික්‍රෝන් ප්‍රභේදයේ තර්ජනයකට ලක් වීමට බොහෝ ඉඩකඩක් පවතින බවත් ඔහු පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

රටට ඇතුළුවන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කලේනම් මෙම තත්වය වලක්වා ගැනීමේ හැකියාවක් තිබුණු අතර, රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා කටයුත නොකරමින්, මහ ජනතාව අනවශ්‍ය අවධානමක හෙලමින් සිටින්නේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිළි නොමැති නමුත්, ඉදිරියේදී ඇතිවන ඔමික්‍රෝන් තර්ජනයේ වගකීම අදාල මාර්ගෝපදේශ හදන කණ්ඩායම බාර ගත යුතුය.

 

ගුවන්ගතවීමට දින කිහිපයකට කලින් සිදු කල PCR පරීක්ෂාවක් මගින් ආසාධිත තත්වය තහවුරු කල නොහැකි බවත්, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පමණින්, පරීක්ෂාවට ලක් නොකිරීම නිවැරදි නිර්ණායකයක් නොවන බවත්, හදුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ තොරතුරු මගින් තහවුරු වී තිබේ.

 අදාලා ආසාධිතයින් බහුතර ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හා දින ගුවන්ගත වීමට පෙර ලබා ගත් PCR පරීක්ෂාවක් මගින් ආසාධනයක් නොමැති බව තහවුරු කරගත් අය වීම මගින් ඔන් ඇරයිවල් PCR නොකිරීමේ ප්‍රතිපත්තිය බරපතල වැරදි තීරණයක් බව තහවුරු කර ඇත.

දෙසැම්බර් මාසයේ ආගමනිකයන් හා විගමනිකයන් අතුරෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාධිතයන් ප්‍රමාණය.

?️පලමු සතිය
ආගමනිකයන් - 1
විගමනිකයන් - 0


?️දෙවන සතිය
ආගමනිකයන් - 0
විගමනිකයන් - 1


?️තෙවන සතිය
ආගමනිකයන් - 3
විගමනිකයන් - 6


මෙම විගමනිකයන් සියල්ල ඊශ්‍රායල්, ඉතාලි, කැනඩාව, අයර්ලන්තය සහ ඩුබායි යන රට වලින් මෙරටට පැමිණි අයවලුන් වන නමුත් එන්නත්කරණය සම්පූර්ණ කිරීම නිසා On Arrival PCR පරීක්ෂණ සිදු කිරීමේ නොහැකියාව මත පැමිණීමේදී පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත.


?️සිව්වන සතිය
ආගමනිකයන් - 1
විගමනිකයන් - 22


මෙම විගමනිකයන් සියල්ල පෙර පරිදිම විවිධ රට වලින් මෙරටට පැමිණි අයවලුන් අතර ඔවුනට අමතර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ පහකින් වාර්තා වී ඇත. එම ප්‍රදේශ විශ්ලේෂණය කිරීමේදී මේ වන විටත් ඔමික්‍රෝන් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති බවට සැක පහල වේ.

එම ප්‍රදේශ වන්නේ බණ්ඩාරගම, කොළඹ, ඇඹිලිපිටිය, අලුත්ගම, රාගම ය.


Omicron page 0001Omicron Summary page 0001

Leader Whats app

 
 
 
 
 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 


මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි ! | මොණරවිලගේ ලියමන
 
 
වියත් කතා | The Leader TV
   

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්