leader s

රාජ්‍ය අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පෙන්නුම් කරන බවට දෙමළ සංස්කෘතික සංවිධානයක් අවධාරණය කර තිබේ.


''මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වගේ පසුගිය කාලේ නිර්භීතව වැඩ කළ මාධ්‍යවේදීන් රැසක් ඝාතනය කර තිබෙනවා. එයින් බහුතරය දෙමළ මාධ්‍යවේදීන්. මේ ඝාතන එකකටවත් අද වෙනකම් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. මේ මගින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පොඩ්ඩක් වත් නැහැ කියලා පේනවා,'' යැයි දෙමළ ජාතික සංස්කෘතික සංසදයේ සම්බන්ධිකාරක සුවීකරන් නිශාන්තන් පවසයි.

දෙමළ ජාතික සංස්කෘතික සංසදය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට දහ තුන් වසක් ඉක්ම වුවද මෙතෙක් ඉටුවී නොමැති යුක්තිය ඉදිරියේදීවත් පසිඳලනු ඇත්දැයි සැක සහිත බවයි.


මාරුවෙන් මාරුවට බලයට පැමිණෙන පාලකයන් විසින් කුමක් හෝ හේතුවක් මත වැරදිකරුවන් ආරක්‍ෂා කිරීම පැහැදිලි සත්‍යයක් වී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.


''ඝාතනයක් සිදු වූ සෑම මොහොතකම ජනතාව ඉදිරියට එන පාලකයන් පවසන්නේ ඒ සඳහා කොමිසමක් පත් කර ඇති බවයි. විමර්ශන කොමිසම් වාර්තාවන්ට අනුව වැරදි කරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන බව කියයි.එත් මේ දක්වා කිසිම කොමිසම් වාර්තාවකින් වැරදිකරුවන්ට දඩුවම් දීලා නැහැ,'' යි දෙමළ ජාතික සංස්කෘතික සංසදය පෙන්වා දෙයි.

සුළු වැරදි වලටත් අහිංසක ජනයාට දඩ ගහන නීති ක්ෂේත්‍රය මිනීමරුවන්ට, හොරුන්ට, මංකොල්ලකරුවන්ට ආණ්ඩුවේ ආරක්‍ෂාව යටතේ නිදහසේ සැරි සැරීමට වක්‍ර සහායක් ලැබෙන බව දැක්වෙන එම නිවේදනය මගින් සංස්කෘතික සංසදය ප්‍රශ්න කර සිටින්නේ ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජය යන්නෙහි 'ප්‍රජාතන්ත්‍රවාදී' යන වචනය තවදුරටත් වලංගුද යන්නයි.  

 

Leader Whats app


 
 
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.  

 

இலங்கையில் அவசர பொதுத் தேர்தல்? பிரதமர் வேட்பாளராக களமிறங்கும் பசில்!

 

  
කලින් ජනමත විචාරණයක් ! | මොණරවිලගේ ලියමන
 
 
 
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
 
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 

 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්