ඉඩම් නොමැති ජනයා කෙරෙහි සැලකිල්ලක් නොදක්වා කැලෑ විනාශ කරමින් තනි පුද්ගලයන් වෙත ඉඩම් ලබා දී ඇති බවට වවුනියාව දිස්ත්‍රික් ලේකම්ට

එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

වවුනියාව දිසා ලේකම්වරයා විසින් සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර සියයක් පුද්ගලයන් කිහිප දෙනකුට බලපත්‍ර මගින් පවරා ඇති බවට ප්‍රදේශයේ ඉඩම් නොමැති වුවෝ චෝදනා කරති.

රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජිතයා ලෙස එම ප්‍රදේශයේ පෙනී සිටින වවුනියා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.තිලීපන් වෙත මෙම ගැටලුව ඉදිරිපත් කිරීමට වවුනියාවේ ජනමාධ්‍යවේදීන් පියවර ගත්තේ ජනවාරි 18 වැනිදා වවුනියාවේ පැවති උත්සවයක් අතරතුරදිය.

 

''ජනතාවට ඉඩම් ලබා දීමට අපි විරුද්ධ නැහැ. ඒත් කැලෑ විනාශ කරලා තනි පුද්ගලයන් කීපදෙනෙකුට විතරක් අක්කර 100 ක් ලබා දෙන්න ඉඩ දෙන්න බැහැ. දැනටමත් අපි දන්වලා තියෙන්නේ දිස්ත්‍රික් ලේකම් වරයාට මේ ඉඩම් දිස්ත්‍රිකයේ ඉඩම් නැති මිනිස්සුන්ට බෙදා දෙන්න කියලා,''යැයි EPDP පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.තිලීපන් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

 

ඔහු අවධාරණය කරන්නේ වවුනියා දිස්ත්‍රික් ලේකම්වරයා සිය රාජකාරි බාර ගත් දිනයේ සිටම ඔහුට එරෙහිව විවිධ පාර්ශවයන්ගෙන් පැමිණිලි රාශියක් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත ලැබී ඇති බවය.

ඉරිගු ගොවීන්ට ආණ්ඩුව ලබා දෙන සහන වැඩපිළිවෙල වවුනියාවේ ද ක්‍රියාත්මක කිරීමට තම පක්‍ෂ නායක, ඇමැති ඩග්ලස් දේවානන්ද තීරණය කර ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කර තිබේ.

 

Leader Whats app


 




கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන



ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip



225ටම ඇමතිකම්! | වියත්කතා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්