අද පවතින ප්‍රශ්න දිහා බැලුවම මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේදී ඊයේ ( 21) පවසද්දී, සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ

පවසන්නේ කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ  වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බවයි.

සමහරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් වැනි නායකයකු ලෙස හඳුන්වන බව පැවසු එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා, ඔහු එවැනි පන්නයේ අයකු  නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවද සඳහන් කළේය.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නොවේ නම් යන දුම්රිය මිනිසුන් සමග මග නවතා ගෙන සිටින වෘත්තීය සමිති මේ රටේ තිබෙන්නේ කොහොමදැයි ඔහු ප්‍රශ්න කළේය.

ගෝඨාභය රාජපක්ෂට මඩ ගැහුවත් කුමන විවේචන කළත් ඔහු දක්ෂ අවංක නායකයකු බවත් ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති බවත් චන්ද්‍රසේන ඇමතිවරයා කීවේය.

රජයට ලැබිය යුතු ආදායම් කොවිඩ් ප්‍රශ්නය නිසා විශාල වශයෙන් අහිමි වුණු බව පැවසූ ඉඩම් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා මේ මට්ටමින් හෝ රට කරගෙන  යෑම ගැන සතුටු විය යුතු බවද සඳහන් කළේය.

ජනතාවට බොහෝ  අමාරුකම් තිබෙන බව පිළිගන්නා බවත් මේ ජීවත්වීමේ ප්‍රශ්නයට රජයක් හැටියට විසඳුම් ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



''ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ''




සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ඊයේ  (21) පැවසුයේ, ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය ලබාදෙන අතරේම
පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බවයි.

ගමගේ මන්ත්‍රීවරිය මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කොවිඩ්  නිසා  අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂවරුන් බවත් ඇය කීවාය.

"අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල්  වෙන්න ඉඩ දෙන්නේ නැහැ" යැයිද  ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

කොවිඩ්  අර්බුදය නිසා මුළු ලෝකයම ගැටළුවලට මුහුණදී සිටින බවත් එංගලන්තයේත් අද පෝලිම් පවතින බවත් ඇය සඳහන් කළාය.

ඒ රටවලත් අද ආහාර හිඟයක් පවතින බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කීවාය.

Leader Whats app


 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 
  
 
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 
 
 
කාවන්තිස්ස ආරූඪ වූ පොලිස් ලොක්කා කවුද? | Gossip



 
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



 
සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්