The Leader News
BREAKING
Top Ad
පුවත්

නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ - අමෙරිකානු තානාපති කාර්යාලය

T

The Leader Desk

May 24, 2026 • 5:39 AM

නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ - අමෙරිකානු තානාපති කාර්යාලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි ප්‍රකාශිකාවක් අවධාරණය කර ඇත්තේ, එවැනි කාණ්ඩායමක් යෙදවීමක් සිදු කර නොමැති බවය.
  • බොහෝ රටවල සම්මත පිළිවෙතක් ලෙස විමර්ශන සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ විට එම රටෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩ සහයෝගීතාව සම්බන්ධීකරණය කිරීම සඳහා තානාපති කාර්යාලයේ FBI නීති අනුයුක්තිකයෙකු සිටියි.
  • කෙසේ වෙතත් මෙවැනි සංවේදී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නිරවද්‍යතාව ඉතා වැදගත් බව ද එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
  • ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයේ සිදුව ඇති අතිවිශාල සයිබර් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එහි ප්‍රකාශිකාවක් අවධාරණය කර ඇත්තේ, එවැනි කාණ්ඩායමක් යෙදවීමක් සිදු කර නොමැති බවය.

බොහෝ රටවල සම්මත පිළිවෙතක් ලෙස විමර්ශන සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ විට එම රටෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩ සහයෝගීතාව සම්බන්ධීකරණය කිරීම සඳහා තානාපති කාර්යාලයේ FBI නීති අනුයුක්තිකයෙකු සිටියි.

කෙසේ වෙතත් මෙවැනි සංවේදී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නිරවද්‍යතාව ඉතා වැදගත් බව ද එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයේ සිදුව ඇති අතිවිශාල සයිබර් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කර තිබිණ.

සයිබර් කොල්ලයේ සුලමුල

මෙම මූල්‍ය මංකොල්ලය සිදුව ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) නිල විද්‍යුත් තැපැල් (Email) පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමෙනි. ඕස්ට්‍රේලියාව වෙත ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22.9ක ද්විපාර්ශ්වික ණය පියවීමේ ක්‍රියාවලියට මැදිහත් වී ඇති සයිබර් අපරාධකරුවන්, එහි සන්නිවේදනයන් අවහිර කරමින් වංචනික ලෙස මුදල් වෙනත් ගිණුම් වෙත හරවා යවා ඇත.

ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට සකස් කර තිබූ ගෙවීම් වවුචර හයෙන් හතරක්ම මෙලෙස හැකරුන් අතට පත්ව ඇති අතර, ඉන් එක් අවස්ථාවකදී ලංකා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් ද, තවත් අවස්ථාවක ඇමරිකානු තැපැල් බලධාරීන්ට ගෙවිය යුතු මුදලක් ලෙස දක්වමින් ඩොලර් 625,000ක් ද ලෙස සමස්තයක් ලෙස ඩොලර් මිලියන 3කට අධික මුදලක් වංචා කර තිබේ.

මුදල් අමාත්‍යංශය යටතේ ඇති මහා භාණ්ඩාගරය විසින් ඔස්ට්‍රේලියානු ණය හිමියෙකුට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කරනු ලැබීම සම්බන්ධ සිදුවීම තවත් ආන්දෝලනයට ලක්වූයේ එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් හතර දෙනාගෙන් අයෙකු වූ රංග රාජපක්ෂ නැමති නිලධාරියාගේ හදිසි මරණය යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...