ආසියාවේ ප්‍රධානම සිනමා උත්සවයක් වන දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලට මෙරට චිත්‍රපට දෙකක් නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ. 

ප්‍රසන්න විතානගේ ගේ ''පැරඩයිස්'' සහ ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' එම චිත්‍රපට දෙක යි.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ''පැරඩයිස්'' චිත්‍රපටය ඒ අනුව ''ජිසොක්'' නම් තරගකාරී අංශයෙන් සුදුසුකම් ලබා ඇත. එම අංශයේ හොඳම සිනමාපට දෙකට ''කිම් ජිසොක්'' සම්මානය හිමිවෙන අතර මෙම සම්මානය නම් කර ඇත්තේ ආසියානු සිනමාව නගා සිටුවීම උදෙසා කැපවූ, බූසාන් සිනමා උළෙලේ සම නිර්මාතෘ නැසී ගිය කිම් ජිසොක් නමිනි. 

ඉන්දීය-ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වන ''පැරඩයිස්'' හි ලෝක මංගල දැක්ම පවත්වන්නේ ද මෙවර බූසාන් සිනමා උළෙලේ දී ය. ඒ අනුව චිත්‍රපටය ඔක්තෝබර් 7, 8 සහ 10 තෙදින ප්‍රදර්ශනය කෙරෙනු ඇත.   

busan 1
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' චිත්‍රපටය උළෙලට සුදුසුකම් ලබා ඇත්තේ ''ආසියානු සිනමාවට කවුළුවක්'' අංශයෙනි. මෙම සිනමාපටය ඔක්තෝබර් 7, 9 සහ 10 තෙදින ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

busan 2

28 වැනි බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 4 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ය.

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්