ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 20 වැනිදා සිට ජනවාරි 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළේ දී එහි ප්‍රමුඛතම අංශයක් වන ආසියානු තරගකාරී අංශය යටතේ චිත්‍රපටය තරග වදිනු ඇත.

376006523 873280114358999 4498792410842099065 n

අන්තර්ජාතික ජූරි සභාවක් විසින් ආසියානු තරගකාරී අංශයේ තීන්දුව ලබාදෙන අතර එම අංශය යටතේ හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම තිර රචනය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණයට සම්මාන ලබාදීමට නියමිත ය.

රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.

ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී මින්පෙර සම්මානයට පාත්‍ර විය.

Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ සිනමාපටය NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව, 'රහස් කියන කඳු' සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය.

ජගත් මනුවර්ණ මීට පෙර 'ගින්දර පොඩ්ඩක්' (2004) සහ 'වෝටර් ලිලී' (2011) යනුවෙන් කෙටි චිත්‍රපට නිර්මාණය කර තිබිණි.

ඔහුගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන්නේ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි.

0c74a030 ac59 11ed 8f65 71bfa0525ce3

 

සබැඳි පුවත් :

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි

රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්


 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්