BREAKING
Top Ad
Life

මනුවර්ණ ගේ රහස් කියන කඳු ඩකා සිනමා උලෙළට

T

The Leader

September 13, 2023 • 5:03 AM

මනුවර්ණ ගේ රහස් කියන කඳු ඩකා සිනමා උලෙළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.
  • රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.
  • ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී මින්පෙර සම්මානයට පාත්‍ර විය.
  • Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ සිනමාපටය NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 20 වැනිදා සිට ජනවාරි 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළේ දී එහි ප්‍රමුඛතම අංශයක් වන ආසියානු තරගකාරී අංශය යටතේ චිත්‍රපටය තරග වදිනු ඇත.

376006523 873280114358999 4498792410842099065 n

අන්තර්ජාතික ජූරි සභාවක් විසින් ආසියානු තරගකාරී අංශයේ තීන්දුව ලබාදෙන අතර එම අංශය යටතේ හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම තිර රචනය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණයට සම්මාන ලබාදීමට නියමිත ය.

රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.

ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී මින්පෙර සම්මානයට පාත්‍ර විය.

Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ සිනමාපටය NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව, 'රහස් කියන කඳු' සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය.

ජගත් මනුවර්ණ මීට පෙර 'ගින්දර පොඩ්ඩක්' (2004) සහ 'වෝටර් ලිලී' (2011) යනුවෙන් කෙටි චිත්‍රපට නිර්මාණය කර තිබිණි.

ඔහුගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන්නේ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි.

0c74a030 ac59 11ed 8f65 71bfa0525ce3

 

සබැඳි පුවත් :

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි

රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්


 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...