අපලෝකන
Showing page 1 of 7 (97 articles)

ගෙන්දගම් පොළොව 50 (අවසන් කොටස) : අපි හෙට මෙහෙන් යනෝ... | ජයසිරිගේ අලුත්ම නවකතාව
අද සිකුරාදා. සුසන්ත ඊයෙ ම කියල තිබුණ අපි ගෙදර ගිහින් එන්න යනව කියල. මේ වෙද්දි හයවෙනි තට්ටුවෙ කොන්ක්‍රීට් දාල තිබුණ නිසා ඒහැටි වැඩක් තිබුණෙත් නෑ.

ගෙන්දගම් පොළොව 49 : මට උඹල දෙන්න ම මගේ සහෝදරයො වගේ.. | ජයසිරිගේ අලුත්ම නවකතාව
අද ඔය විදියට ම අපි වැල්ලෙ ඇවිදගෙන යද්දි අම්පිටිය අයිය අපි ඉස්සරහට ආවෙ වෙනද වගේ සන්සුන් ගමනකින් නෙවෙයි; බොහොම කලබලයෙන්; හති දාගෙන; දුවගෙන... අපි අද මේ හම්බ වෙන්නෙ දවස් දෙක තුනකින්.

ගෙන්දගම් පොළොව 48 : ඒ කෑම එක කාල අපි දෙන්නගෙ බඩ හොඳට ම පිරුණා | ජයසිරිගේ අලුත්ම නවකතාව
''ඔන්න ඔහොම තමයි දේවල් සිද්ද උණේ...''

ගෙන්දගම් පොළොව 47 : මං දැං මැජෙස්ටික් එකේ වැඩ.. | ජයසිරිගේ අලුත්ම නවකතාව
අද වේලාසන වැඩ ඉවර වුණේ සිමෙන්ති ඉවර නිසා. සිමෙන්ති ලෝඩ් එක බාන්නෙ අද රෑටලු. ඒ නිසා වැඩ ඉවර වෙලා නාගෙන එහෙම අපි දෙන්න ටිකක් ඇවිදින්න කියල වැල්ල පැත්තට ගියා; එහෙම යද්දි අපි හුඟක් වෙලාවට යන්නෙ රේල් පාර දිගේ.

ගෙන්දගම් පොළොව 46 : දුක හිතෙනව වගේ ම අලුත් ම ආරංචිය | ජයසිරිගේ අලුත්ම නවකතාව
''මෙහේ ඉන්න ඇහැකි, කන්න බොන්නත් ඇහැකි, හැන්දෑවට එද්දි එහෙං නාගෙන එන්න. මොකෝ දන්නවයි... දැං මෙහේ එවුන් උනත් ඔයි ඩිංගක් ඇඟ පත හේදුවට නාන්නෙ රෙදි හෝදන්නෙ අර ලොකු බිල්ඩිං එකෙන්නෙ... ඒ හංද වැඩට යන දවස්වලට එහෙං ම නාගෙන එන්න. ආයි මක්කයෙි අපි වචනයක් අහන්නෙ... මං කිව්වෙක තේරුණයි...?''

ගෙන්දගම් පොළොව 45 : මං රවුං මට්ටං ලීයක් ගැන අහල තිවුණෙ නැහැ | ජයසිරිගේ අලුත්ම නවකතාව
''හරි හරි සුසා... මං යන්නං. ආ සුසා... ඔහේ කිව්ව නේ ද එහේ වැඩ කරන දෙන්නෙක් මෙහේ එනව කියල.''

ගෙන්දගම් පොළොව 44 : ඒ මොන විලිලැජ්ජ නැති වැඩක් ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
''අම්පිටිඅයිය කියන එක හැබෑව. ඌ පොලිසිය අඳුරනව නං අහල පහල හොටලවල හොයන්න ඇහැකි. ඒ කිව්වහෙ හොටලෙක ඉඳල අහුඋනොත් ඉංතේරුවෙං ම පොලිසියට අරං යයි. ඒකල්ල ඔහේට හොඳට ම නෙළයි. ඌ දැං ඔයැයි එක්ක ජම්මාන්තර වයිරෙන්නෙ ඇත්තෙ... දැං ඔව්ව කල්පනා කරන්නෝන්නෑ... හෙට දිහට්ට බලමුකො... අපි නිමල් අයියට කියල බලමු...''

ගෙන්දගම් පොළොව 43 : ආයි ගාලු යන්නනං බෑ... | ජයසිරිගේ අලුත්ම නවකතාව
'නෑ... එහෙම වෙන එකක් නෑ... මුදලාලියි මැනේජර් මහත්තෙයයි දෙන්න ම අම්පිටිය අයියට කැමතියි; එයැයිව විශ්වාසයි.'

ගෙන්දගම් පොළොව 42 : සයිවර් පාරක් දානව ද, වාඩි පාරක් දානවද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
ඇඟපත හෝදගෙන නිදාගන්න යනකන් ම මම ගැන කවුරුවත් මොනවත් ම ඇහුවෙ නෑ; ඇත්තට ම නං එයාලට එහෙම මොනවත් අහන්න තරමට සිහියක් තිබුණෙත් නෑ. සමාන්‍ය සතියෙ දවස්වලට මෙහෙම නම් අර කියපු සිකුරාදට කොහොමට ඇති ද කියලයි මට හිතුණෙ.

ගෙන්දගම් පොළොව 41 : ආ... මෙයැයි ද හාදයා...! | ජයසිරිගේ අලුත්ම නවකතාව
''නෑ මේ... බස් තියෙනෝ නෙ... මං ස්ටේසන් එකට ගිහිං බුදියන්නං. මං මෙහෙට්ටත් නෑවිත් කෙළිං ම යනවා... රෙද්දක්කත් නැති හංද තමයි ආවෙ..."

ගෙන්දගම් පොළොව 40 : අපි මක්ක හරි කරන්න බලමුකෝ... | ජයසිරිගේ අලුත්ම නවකතාව
මම මේ මොනව හිතුවත් කරන්න ඕනේ මොකක්ද කියල මට අදහසක් නෑ. මොකද අතේ සල්ලිත් නෑ... මම නිකමට වගේ කලිසම් සාක්කුවට අතදැම්මට පස්සෙ තමයි මතක් වුණේ මම ගත්තු අලුත් ම කොට කලිසමත් පැන්ට්‍රියෙ කියල.

ගෙන්දගම් පොළොව 39 : අම්පිටිය අයිය හොඳ මිනිහෙක් | ජයසිරිගේ අලුත්ම නවකතාව
කොහොම වුනත් අම්පිටිය අයියගෙ කතාව මං හිතුවට වඩා හුඟක් වෙනස් වගේ ම දුක හිතෙන කතාවක්. මගේ කතාව වගේ ම අම්පිටිය අයියගෙ කතාවත් ඔයාල දැනගෙන ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඒක ටිකක් දිග කතාවක් ඒත් කෙටියෙන් හරි ඒ කතාව කියන්න ම වෙනවා.

ගෙන්දගම් පොළොව 38 : උඹට දුකකුත් ඇති; ඒත් ඔය ගලන්නෙ සතුටු කඳුළු | ජයසිරිගේ අලුත්ම නවකතාව
මැනේජර් මහත්තයා එහෙම කිව්වට පස්සෙ ඉතිං මම ආයෙ වතාවක් මොනව කරන්න ද...? මම ''එහෙනං මං යන්නං මහත්තයො,'' කියාගෙන ආපහු ආවා.

ගෙන්දගම් පොළොව 37: 'ඒ ඇස්වල තිබුණෙ ගිනි පුළිඟු විසිවෙන ගතියක්' | ජයසිරිගේ අලුත්ම නවකතාව
මැනේජර්ගෙ කාමරයට ගිහින් ආපහු පැන්ට්‍රියට ආපු මාව දැකපු ගමන් ම අම්පිටිය අයිය ''මොකෝ බං... මැනේජේර්කාරය උඹේ පඩිය හදල නැද්ද... එහෙනං මොන බම්බුවකට ද ඌ උඹට එන්ඩ කිව්වෙ...?''

ගෙන්දගම් පොළොව 36 : මචං... ෂේප් ඒකේ බැදපු මාළු කෑල්ලක් දෙන්න බැරිද? | ජයසිරිගේ අලුත්ම නවකතාව
මේ දැන් මොහොතකට කලිං සිද්ධ වුණ දේත් එක්ක අද හවස සිද්ධි හැම දෙයක් ම අමතක වුණා. මට අමතක වුණ ඒ සිද්ධි මතක් කරේ අම්පිටිය අයියා. සිද්ධ වෙච්ච හැම දෙයක් ම වගේ ම ලබපු හැම සතුටක් ම අම්පිටිය අයියට කියන්න බැරි වුනත් එයාට කියන්න පුළුවන් දේවල් ටික හරි කියන්න මම හිත හදාගත්තා.

