අපලෝකන
Showing page 2 of 7 (97 articles)

ගෙන්දගම් පොළොව 35 : කොහොමද... යාළුවා ඉන්ඩ තැනට ගියා ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
''යං... මටත් බඩගිනි දැනීගෙන ආවෙ... දැං වෙලාවත් පහට දහය යි. ඔයැයි කියපු කට්ටියත් දැං වැඩැරිල එනව ඇති නෙ... මක්ක හරි කාල මාත් යන්නං...''

ගෙන්දගම් පොළොව 34 : දෙවෙනි තට්ටුවෙ රහස | ජයසිරිගේ අලුත්ම නවකතාව
සුසන්ත ආරාධනා කරේ මගේ අතකින් අල්ලාගෙන ම යි.

ගෙන්දගම් පොළොව 33 : අර තට්ටු තුනේ ගේ තමයි අපේ වාඩිය | ජයසිරිගේ අලුත්ම නවකතාව
''කන්නයි ඇඟ හෝදන්නයි පස්සෙ පුළුවං අයියෙ... අනික සුසා කාල ද දන්නෙත් නෑ නෙ... මං යන්නං...''

ගෙන්දගම් පොළොව 32 : ආ හරි හරි... ඒක ෂේප් ඒක ෂේප්... | ජයසිරිගේ අලුත්ම නවකතාව
''මං දන්නෝ ඔහේ මක්කයි කල්පනා කරේ කියල. වැල්ලවත්තෙ තියෙන්නෙ සැවෝයි එක විතරක් නෙවෙයි. මං වැඩ කරන තැන ම එහා පැත්තෙත් එක හෝල් එකක් තියෙනවා. ඒක ඇරුනහම ඒ අවට තව හෝල් දෙකක් තියෙයි. එව්වයින් එකක නං වැඩි පුර ම දාන්නෙ දෙමළ පිචර්. ඉතිං ඉඳල හිටල ඒ දිහාත් යන්නෙපයි''

ගෙන්දගම් පොළොව 31 : මං මේ ගෙන්දගං පොළව දන්න එකා | ජයසිරිගේ අලුත්ම නවකතාව
''බාස්උන්නැහේ එහෙම කිව්වෙ මට යන්න කියන එක කියල මට හොඳට ම තේරුණා."

ගෙන්දගම් පොළොව 30 : මං නං ඒ නම කියව ගත්තෙ 'රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ඉඩි අමින්' කියල | ජයසිරිගේ අලුත්ම නවකතාව
ඊට පස්සෙ මම සුසන්තට හැම දෙයක් ම කිව්වා: මැනේජර් ගැන, පේමෙ අයිය ගැන, පිඟන් හෝදන මනුස්සය ගැන, අම්පිටිය ගැන. ඊයෙ රෑ වුණ සිද්ධිය ගැන, එතනදි පේමෙ අය්යත් එක්ක පැටලුණ කෙනා ගැන... ඒ හැම දෙයක් ම කිව්වා.

ගෙන්දගම් පොළොව 29 : දෙන්න ම රළ; දෙන්න ම වෙරළ... | ජයසිරිගේ අලුත්ම නවකතාව
දැන් ආයෙත් මම සුපුරුදු පරිදි වැඩ. මම වෙලාව බැලුවෙ නිකමට වගේ. හරියට ම හතයි විස්සයි. ඒ එක්ක ම පැන්ට්‍රිය ඉස්සරහින් ''මචං... රොහාන් කියන්නෙ උඹට නෙ නේද...?'' කියනවා ඇහුණ මම ''ඔවු මචං... ඇයි...?" කියල ඒ සුදහත්වයෙන් ම ඇහුවා.

ගෙන්දගම් පොළොව 28 : ඉංතේරුවෙං...! ඒ මොකද්ද බං ඒ...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
''අනේ මංදා... උඹටත් තියෙන්නෙ මාර ප්‍රශ්න නෙ බං... පාං, රොස් පාං... එතකොට ඔය අනික් කෑම ඔක්කොම එන්නෙ උදේ පහ පහු උණ ගමන්. හැබැයි ඊට කලිං මුදලාලි එනවා.

ගෙන්දගම් පොළොව 27 : යාළුවට කරදරයක් නැතුව ඇති මල්ලි | ජයසිරිගේ අලුත්ම නවකතාව
මම අම්පිටිය කියපු තැනින් මගේ බෑග් එක තියල ඊට ටිකක් එහායින් තිබුණ පුටුවෙන් වාඩි වුණේ අම්පිටියත් එක්ක ම ගිහින් ඇඟපත හෝදගන්න වුවමනා නිසා. දැන් ආයෙත් පහළට යන

ගෙන්දගම් පොළොව 26 : ආ... අලුත් මලයා... මොකෝ කල්පනාව...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
''ඊට පස්සෙ ද...? ඊට පස්සෙ ඒ ඔ්න කරන කෑම ප්‍රමාණය පිඟානකට බෙදල, අර ප්ලාස්ටික් පිඟන් තියෙන්නෙ... ඒ එකකින් වහල මේ ලෑල්ලෙන් තියල තියන්න. උන් නාල ඇවිත්, ඔයාගෙන් ඉල්ලගෙන කාවි.''

ගෙන්දගම් පොළොව 25 : මේකා කොළඹ ඇවිත් තියෙන්නෙ පික්චර් බලන්නලු... | ජයසිරිගේ අලුත්ම නවකතාව
මෙතන ඉඳල මම කියන සමහර දේවල් පට්ටපල් බොරු කියල දන්නෙ මම විතරයි. ඒත් කරන්න දෙයක් නෑ. මොකද මම ගාල්ල අතහැරල එන්න හිතපු ඇත්ත ම ඇත්ත කාරණය මෙතන

ගෙන්දගම් පොළොව 24 : උඹ නං මාර බුලට් එකක් තමයි | ජයසිරිගේ අලුත්ම නවකතාව
''ඔවු... අපි නිකමට වගේ අහමු... අහල ඔයා කියපු එක හරිනං විතරක් අපි පේමයියගෙං එහෙම ඇහුවෙ ඇයි කියල එයාට කියමු. කමක් නෑ නෙ...?''

ගෙන්දගම් පොළොව 23 : මට වරදින්න විදියක් නෑ; ඒක මට විශ්වාසයි | ජයසිරිගේ අලුත්ම නවකතාව
''හරි... මං රොහාන් කියන්නම්කො... අන්න අර පත්තර ගොඩෙන් පත්තර පිටුවක් අරගෙන ගුළි කරලා මේ පාන් රෝස් පාන් දාන කබඩ් එක පිහිදාන්නකො. දැං මැනේජර්කාරය එන වෙලාව. ඔය හිස් කබඩ් එකේ පාන් රෝස්පාන් කුඩු තියෙනව දැක්කොත් මිනිහ කෑගහනව.''

ගෙන්දගම් පොළොව 22 : ඔයහැටි කල්පනා කරන්නෙ කෙල්ල ගැනවත් ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
අම්පිටිය, ඉදිආප්ප වගයක් පිඟානක තියන ගමන් ම එහෙම කියද්දි මට පුදුමත් හිතුණ. මොකද මෙහෙම තැන්වල ඉන්න හුඟ දෙනෙක් කරන්නෙ අලුත් කෙනෙක් ආපු ගමන් ගන්න තියෙන වැඩ හැම ඒකක් ම කරව ගන්න එක. ඒ වුනාට මේ මනුස්සය මට කියනව ''කාල ඉන්න'' කියල. ඉතිං කොහොම ද ඒ මනුස්සයගෙ කීමට පිටුපාන්නෙ...

ගෙන්දගම් පොළොව 21 : ඔයා කාල හිටියනං හරි | ජයසිරිගේ අලුත්ම නවකතාව
''ඇයි තමුසෙට නමක් ගමක් නැද්ද, දෙමව්පියො නැදෑයෙ නැද්ද..., එහෙම නං ඉතිං අර තමුසෙගෙ යාළුවගෙ කාගෙ හරි එඩ්‍රස් එකක්වත් දෙනව. මොකද තමුසෙට මොනව හරි වුනොත් අපිට දන්වන්න කෙනෙක් ඉන්ඩෙපායැ...’’

