BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු පිලට සීෂෙල්ස් හමුවේ පූර්ණ තරගමාලා ජයක්

Rasika

Rasika

October 1, 2026 • 2:27 PM

ශ්‍රී ලංකා පාපන්දු පිලට සීෂෙල්ස් හමුවේ පූර්ණ තරගමාලා ජයක්
Football

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීෂෙල්ස් පිල පිට පිට පරාජය කරමින් 2-0ක තරගමාලා ජයක් ලැබූ ශ්‍රී ලංකාව, මීළඟ මිත්‍ර තරගමාලාව සඳහා මොරිෂස් බලා පිටත්ව යයි.
  • දෙපිල අතර වික්ටෝරියා නුවර ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි තරගය ගෝල් 2-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මීට දින කිහිපයකට පෙර පැවති පළමු තරගය ද ගෝල් 3-0කින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාව යි.
  • සීෂෙල්ස් පිට පිට දෙවැනි වතාවටත් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ට 32 වැනි මිනිත්තුවේදී අත්තිවාරම දැමුවේ ඩිලන් ද සිල්වා යි.
  • ඒ අනුව තරගයේ පළමු භාගය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ඉදිරියෙන් සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජාත්‍යන්තර මිත්‍ර තරග යටතේ සීෂෙල්ස් සමග පැවති තරගමාලාව ජයග්‍රාහීව අවසන් කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

දෙපිල අතර වික්ටෝරියා නුවර ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි තරගය ගෝල් 2-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මීට දින කිහිපයකට පෙර පැවති පළමු තරගය ද ගෝල් 3-0කින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාව යි.

සීෂෙල්ස් පිට පිට දෙවැනි වතාවටත් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ට 32 වැනි මිනිත්තුවේදී අත්තිවාරම දැමුවේ ඩිලන් ද සිල්වා යි. ඒ අනුව තරගයේ පළමු භාගය අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ඉදිරියෙන් සිටියා.

වසීම් 84 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය ලබා ගනිමින් සීෂෙල්ස් ට එරෙහි තරගමාලාවේ පූර්ණ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ට තහවුරු කර දුන්නා. වසීම් මේ ගෝලය ඩිලන් වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස පැමිණ වාර්තා කිරීම විශේෂත්වයක්.

මීළඟ අභියෝගය: මොරිෂස් සංචාරය

ශ්‍රී ලංකාව මීළඟට තරග දෙකකින් සමන්විත තවත් මිත්‍ර තරගමාලාවක් සඳහා මොරිෂස් බලා යන අතර එහිදී එම කණ්ඩායමට එරෙහි පළමු තරගය හෙට (2) මෝකා දිස්ත්‍රික්කය හදවතේ පිහිටි සාන්ත පියර් ගම්මානයේ ජාතික ක්‍රීඩා සංකීර්ණ පිටියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔක්තෝබර් 5 වැනිදාට නියමිත දෙවැනි තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය තවමත් ස්ථිර කර නැහැ.

මොරිෂස් කණ්ඩායම FIFA ලෝක ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ 178 වැනි ස්ථානයේ. ශ්‍රී ලංකාව සීෂෙල්ස් ජයග්‍රහණයෙන් පසුව 186 වැනි ස්ථානයට (තාවකාලික) ඉහළ නැග සිටිනවා.

WhatsApp Image 2026-10-01 at 8.07.53 PM.jpeg

 (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

Rasika
Author

Rasika

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...