leader s

සම්මාන ලාභී සාහිත්‍යකරුවකු වන චම්මින්ද වෙලගෙදර විසින් ප්‍රබන්ධිත නවතම කෘතිය ‘‘ස්වප්නේශ්වර’’ ජනගත කිරීම ජනවාරි 28වන දින සවස 02.45ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.


මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සහ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි යන අය අදහස් දැක්වීමට නියමිත ය.

පූරක කාර්ය ඉටු කරනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අමිත්ත විරසිංහ විසිනි.

සාහිත්‍යයට මෙන් ම චම්මින්ද වෙලගෙදර කලාකරුවාට ආදරය කරන සැමට කෙරෙන විවෘත ආරාධනාව යි...!

සවස 02.30ට පෙර අසුන් ගන්නේ නම් ඉතා යහපත් බව සංවිධායක මඬුල්ල පවසයි.

(සටහන | ජයසිරි අලවත්ත)

 

WhatsApp Image 2025 01 11 at 3.28.03 PM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්