leader s

දෙරණ - CloseUp 2024 මියුසික් වීඩියෝ සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගෝල්ඩන් රෝස් හෝටල් පරිශ්‍රයේ පසුගියදා පැවැත්වුණි.

9වන වරටත් පැවැත් වූ මෙම මියුසික් වීඩියෝ සම්මාන උළෙලේදී නිර්මාණකරුවන් රැසක් සම්මානයට පාත්‍ර වූහ.

එහිදී වසරේ ජනප්‍රියතම මියුසික් වීඩියට හිමි රන්, රිදී සහ ලෝකඩ සම්මාන ප්‍රේක්ෂක SMS මනාපයෙන් තෝරාගැණුනි.

ඉන් රන් සම්මානය සංජීව් ලෝන්ලියස්ගේ 'පිටකවරේ' ගීතයේ වීඩියෝවට හිමි විය.

එම කාණ්ඩයේ රිදී සම්මානය හිමිවූයේ සරිස් සහ සුරිත්ගේ 'සල්ලි සල්ලි' ගීතයේ වීඩියෝව සඳහාය.

එමෙන්ම ජනප්‍රියතම කාණ්ඩයේ ලෝකඩ සම්මානය Freeze සංගීත කණ්ඩායමේ 'ඩයස්ගේ නංගී' ගීතයේ වීඩියෝවට හිමිවිය.

 

මේ අතර මෙම සම්මාන උලෙළේ සම්මාන 8ක් හිමිකරගත් සනුක වික්‍රමසිංහගේ  'මෝහිණී' ගීතයට අදාළ වීඩියෝව වසරේ හොඳම මියුසික් වීඩියෝව සඳහා වූ සම්මානය දිනාගත්තේය.

එමෙන්ම මෝහිණී ගීතයට රංගනයෙන් දායක වූ ෂාවින්ද ලක්ෂාන් හා නතාෂා පෙරේරා හොඳම රංග ශිල්පියා හි රංග ශිල්පිනියට හිමි සම්මාන දිනාගත්හ.

මෙම සම්මානයන්ට අමතරව තවත් සම්මාන රැසකින් 'දෙරණ CloseUp' 2024 මියුසික් වීඩියෝ සම්මාන රාත්‍රිය වර්ණවත් විය.

සබැඳි පුවත් :
මමාස් බෝයිස් ෆිල්ම්ස් 'මෝහිනී' සඳහා ජයග්‍රහණ 9ක් සමඟින් දෙරණ මියුසික් වීඩියෝ සම්මාන දිනා ගනී




 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්