leader s

ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩිගේ අභිනව නවකතාව වන “ළෙන්ගතු පෙම් කව” දොරට වැඩුම පසුගියදා රාගම රක්තවේද හා

පුනරුත්ථාපන රෝහල් ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක නේවාසික රෝගියෙකුගේ සාහිත්‍ය කෘතියක් මෙලෙස රෝහල් ශ්‍රවණාගාරයක් තුළ රෝහලේ අනුමැතියට යටත්ව එළිදැක්වූ  ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය ගොඩගේ ප්‍රකාශනයකි.

මෙම දොරට වැඩීමේ උත්සවයේදී ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත, ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි යන අය විසින් ශාස්ත්‍රීය දේශණ පවත්වන ලද අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද සභාව ඇමතී ය.

(සටහන | දීප්ති විජේතුංග)

gh5dde

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්