leader s

පුවත්පත් තීරු ලිපි රචකාවියක ද වන කුමාරි දයානන්දගේ පළමු නවකථාව “පද්මරාගය” කෘතිය එළිදැක්වීම ජනවාරි 19 වැනි ඉරිදා කෑගල්ල අඹන්පිටිය ද ෆැක්ට්‍රි උත්සව ශාලාවේදී සිදු විය.

ඒ ප්‍රවීණ පරිවර්තක හා ලේඛක චූලානන්ද සමරනායක, පී.බී ජයසේකර, ලේඛක අබේවංශ දේවප්‍රිය, රංගන ශිල්පී මැල්කම් මචාඩෝ ඇතුළු සාහිතකාමීන් පිරිසකගේ සහභාගිත්වයෙනි. 

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට දේශකයෙකු ලෙස සම්බන්ධ වූ සාහිත්‍යවේදී පී.බී ජයසේකර කවර හෝ කලාකරුවෙකු සිය නිර්මාණකරණයෙහිලා අනුභූතීන් හෙවත් අත්දැකීම් තෝරාගැනීම පිළිබඳව සඳහන් කළ අතර චූලානන්ද සමරනායකයන් අදහස් දක්වමින්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමට පෙර සහ පසුකාලීන සමාජ ප්‍රවණතා විග්‍රහ කිරීමට සිය නවකථාව යොදාගත් කුමාරි දයානන්ද ලේඛිකාවගේ ප්‍රයත්නය අගය කළේය. 

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ද සහභාගි වූ පද්මරාගය කෘතිය එළිදැක්වීම සහ සංවාදය මෙහෙයවීම සාහිත්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සිදු කරනු ලැබීය.

WhatsApp Image 2025 01 21 at 2.12.51 PM 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්