leader s

ඥානසිරි පීරිස් විසින් රචිත ‘‘ලිලිපුට්’’ යොවුන් නවකතාව ජනවාරි මස 30වන දින සවස 02.30ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික

පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

එම උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස: බස්නාහිර පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන සහ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සහභාගි වීමට නියමිත ය.

කෘතිය ඇගයීම ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් සිදුකරනු ලබයි.

ආරාධිත දෙසුම පවත්වනු ලබන්නේ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, රාජ්‍ය නර්තන සහ මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර විසිනි.

විශේෂ පිළිසඳර වෙනුවෙන්: ප්‍රවීණ නාට්‍ය ශිල්පී රොඩ්නි වර්ණකුල සහ ප්‍රවීණ රංගන ශිල්පිනි නිලූකා රේඛානී සහභාගි වීමට නියමිතය

මෙම යොවුන් සාහිත්‍ය කෘතිය ග්‍රැෆිකෙයාර් ප්‍රකාශන ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘‘වමට දකුණට’’ ළමා සහ යොවුන් පොත් පෙළ වෙනුවෙන් රචනා කරන ලද්දකි.

එම අවස්ථාවට සහභාගි වන ලෙස ඔබ සැමට කෙරෙන විවාත ආරාධනය යි මේ...!  

WhatsApp Image 2025 01 20 at 13.51.51

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්