කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල සංගමය විසින් සංවිධානය කරනු ලබන මාසික සාහිත්‍ය සම්භාෂණය ජනවාරි 29වන දින සවස 02.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ ඇම්. බී. ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
‘‘ගෝලීය අවකාශයෙහි නූතන ප්‍රබන්ධ සිංහල සාහිත්‍යයෙහි ලක්ෂ්‍යගත වීම’’ යැන මැයෙන් වූ මෙවර දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාධ්‍යයන අංශයේ ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක විසිනි.
මෙම දේශනයේ සජීවී විකාශනයක් සිංහල සංගමය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශනය කෙරේ.
(සටහන | ජයසිරි අලවත්ත)







