leader s

'‘කල්පනය සහ ආශාව මගින් මූර්තිමත් කරවමින් සහ චිත්‍රණය කරවමින් ද, ඒකත්වය තුළ පවතින විවිධත්වයේ නියාමවලට අනුව භාෂාව හසුරුවමින් ද, සත්‍ය, සෞන්දර්ය සහ ශක්තිය පිළිබඳ සංකල්ප ප්‍රකාශ කිරීම පද්‍යය යි’’

- ජේම්ස් හෙන්රි ලී හන්ට් (Leigh Hunt)

ජේම්ස් හෙන්රි ලි හන්ට් නමැති විචාරකයා කවිය පිළිබඳව එබඳු අදහසක් පළ කර තිබෙන අතර ම සැමුවල් ටෙලර් කොල්රිජ් කවිය පිළිබඳව මෙබඳු ප්‍රකාශයක් කර තිබෙනවා.

‘‘විද්‍යාවේ ප්‍රතිවිරෝධය පද්‍යය යි; එහි ක්ෂණික පරමාර්ථය සත්‍යය නොව ප්‍රකාශ කිරීම නොව: ප්‍රහර්ෂය - පරිදේවනය, සුඛ - දුක්ඛ භාවය යනාදියෙන් මිනිස් සන්තානය කැලඹවීමය.’’

මේ කියමනට ඌනපූර්ණයක් එකතු කරන්නේ නම් ‘‘කවිය යනු සමස්ත ජීවි අජීවි පද්ධතියේ සියලු ම ලක්ෂණ කෙටියෙන් සහ විචිත්‍රවත් අන්දමින් දැක්විය හැකි මාධ්‍යයකි’’ යන්න මගේ පුද්ගලික හැඟීම ය.

අද සරග සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව වෙන් වන්නේ යට කී මාධ්‍ය තමන්ගේ ද මාධ්‍යයක් ලෙස භාවිත කරමින් සිටින නවක කිවිඳියක් සමග ය. ඇය නමින් නයෝමි අමරසිංහ ය. ඇගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය නම් කර ඇත්තේ ‘‘වැස්සක වෙස් අරන්’’ යනුවෙනි.

මතු පළ වන්නේ එම කාව්‍ය සංග්‍රහය පිළිබඳ, The Leader TV ඉදිරිපත් කරන‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඇය කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්