වේදිකාව, සිනමාව, රූපවාහිණිය යන කලා භාවිතාව තුළ රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ, ලේඛනයෙහි මෙන්ම වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ද කටයුතු කරන කළණ ගුණසේකර අපට සිටින ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි.
ඔහු තුළ ආකර්ශණීය රංගන පෞරුෂයක් ඇත. මේ දිනවල විකාශනය වන "රීකන්ඩිෂන් කෙල්ල "ටෙලි නාට්‍යයේ කුසල් නැමති වෛද්‍යවරයා ඔහුය. ඔහු පැරණි වාමාංශික දේශපාලනය ප්‍රශ්ණ කරමින් සිටී.
මෙවර ජාතික ජනබලවේගයේ කලාකරුවන් ගේ පාර්ශවය නියෝජනය කරමින් ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය දිනවන කාර්යයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ලැබූ කළණ මෙවර MirrorArts Youtube සාකච්ජාවට සම්බන්ධ විය. මේ ඔහු සමග කරන ලද සාකච්ජාවයි.
MirrorArts-
ඔබ මේ දවස්වල රගපාන රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය කුසල්. පැරණි වමේ දේශපාලන පවුල් පසුබිමකින් ගොඩ නැගුණු නමුත් වෙනම දේශපාලන කියවීමක් දර්ශණයක් ඇති ව මානූෂිකත්වය පෙරදැරිව කටයුතු කරන කෙනෙක්. අපේ සමාජවාදී දේශපාලන ව්‍යුහය තුළ අදහසක් තිබුනා ලිංගිකත්වය ප්‍රේමය තහනම් කාරණයක් හැටියට. මෙවන් පසුබිමක මේ ප්‍රේමය සහ ලිංගිකත්වය යන කාරනා පිළිබඳව අතීතය වර්තමානය සහ හෙට දවස පිළිබඳ ඔබේ කියැවීම මොකක්ද?
Kalana-
ඔය කියන ලද සියලු කාරනා අපිට ලංකාව ඇතුළෙ කියවගන්න වෙන්නේ ධනේෂ්වරය ඇතුළෙ. සමාජවාදියෙකු හැටියට සහ විප්ලවවාදියෙකුට හරි ප්‍රේම කරන්න බැහැ කියලා කියන්නේ ධනේෂ්වර සිස්ටම් එක ඇතුලෙ. ප්‍රේමයට එහෙම එකක් නැහැ. හැබැයි ඒගොල්ලො විශ්වාස කරනවා ධනේෂ්වරය ඇතුළෙ ඔහු විශ්වාස කරනවා සමාජවාදියෙක් නම් එහෙමෙ නැතිනම් ජේවීපී කාරයෙක් නම් අරගලය තමයි ඔහුගේ පරමාදර්ශී මූඩ් එක එයාට ලව් කරන්නවත් බැහැ කියලා. එච්චරට ධනේෂ්වරය ඇතුළෙ අර මනුස්සයව විශ්වාස කරනවා.
අපි ඔය ප්‍රශ්ණය මෑතක ගමුකො. වර්තමාන ජනාධිපති අනුර කුමාරට ඔය ප්‍රශ්නේ එනවා කෝ වයිෆ් කියලා ප්‍රශ්ණ අහනවා. ඇයි ගේන්නෙ නැත්තෙ? පොඩි ගුන්ඩුත් දෙනවා සමහරවිට. ඒ ව්‍යාපාරයේ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ව ධනේෂ්වරයෙ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට එච්චරටම විශ්වාසයි. එච්චර ප්‍රභලයි. අපිට ඕනේ තරම් ආදරේ කරගෙන ඉන්න පුලුවන්, නයිට්ක්ලබ්ස් යන්න පුලුවන්, ෆොටෝස් දාන්න පුලුවන්, ගෑනු ළමයි එක්ක පීන පීන ෆොටෝස් දාන්න පුලුවන්, පිටරට සවාරි යන්න පුලුවන් අපිට පුලුවන්. ඔයාලට බැහැ ඔයාලා වෙන තත්ත්වෙක ඉන්න ඕනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට වඩා විශ්වාස කරනවා ඒ ගොල්ලන්ගෙ මනස ඇතුළෙ පරමාදර්ශී පුද්ගලයා වෙන්නේ අර වාමාංශික පුද්ගලයා.

කුසල් කියන වෛද්‍යවරයාගේ චරිතය ගත්තහම කුසල් හැදෙන්නේ ධනේෂ්වරය ඇතුළෙ. කොළඹ ඉස්කෝලෙකට යන්නේ. යාලුවෝ ඇමති පුත්තු වගේ සැප විඳින කට්ටියක්. කුසල්ගේ පියා පරමාදර්ශී කොමියුනිස්ට් පක්‍ෂයක ප්‍රදාන පුද්ගලයෙක්. එයාට ගමට ගියාට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට ලස්සන නර්ස්ලා ඉන්නවා වුනත් අදාල නැති කෙල්ලෙක් ඉන්නවා නර්ස් ලා හැම කෙනෙක්ම කුසල්ට පාලනය කරගන්න පුලුවන්. හැබැයි කෙහෙන්දෝ මන්දා ගමක කෙල්ලෙක් ඉන්නවා ඒ කෙල්ලව කොන්ට්‍රොල් කරගන්න බැහැ.
මම හැම විටම විශ්වාස කරනවා අපිට අල්ලන්න බැරි එක තමා අපි අල්ලන්න උත්සාහ කරන්නෙ. හැම වෙලාවකම. ඒක රාජ්‍ය බලය වෙන්නත් පුලුවන්. ඕන එකක් වෙන්න පුලුවන්. අපිට ඒක අල්ලන්න අමාරුනම් අපි ඒක කොහොමහරි අල්ලන්න බලනවා. ඒ අල්ලගන්න හදන තැන එයාගෙ ෆැන්ටසි එකත් එක්ක අල්ලගන්න බැරි වෙනවා අල්ලගන්න බැරිවෙන තැන කුසල් පරාජය වෙන්න කැමතිවෙන්නෙ නැහැ ආදරය තුළ. එයා දේශපාලනය මොනවා උනත් එයා මතවාදීව අවුලක් තියෙන කෙනෙකුත් නෙමේ. එයා ගෙ පස්සෙන් තව කෙල්ලෙක් ආවත් ඒක ප්‍රශ්නයක් නැහැ එයාට අල්ලගන්න පුලුවන්. අල්ලගන්න බැරිම කෙල්ල වෙන්නේ දිනූ එයා එයාගේ ඊගෝ එකක් ඇතුළෙ එයා එයාට ගරහා ගරහා තමන් දුක් විඳ විඳ තමන් බිබී එයා නැතිනම් වෙන කව්රුත් එපා කියන පරාජයට පත්වෙන්නෙ තමන්ගෙ කන්සෙප්ට් එක.
මම විශ්වාස කරනවා මම නලුවෙක් විදිහට ඒ ඩොක්ටර් කුසල්ව ගත්තහම කුසල් දැඩි මානසික අර්බූදයක ඉන්නෙ එයත් එක්ක තරග කරමින් එයත් එක්ක ෆයිට් කරමින්. එයා එක තැනක කියනවා පොත් ලක්‍ෂගානක් කියෙව්වත් ගැහැනිය මට තාම හොයාගන්න බැහැ කියලා. ඒක හොයන්න බැහැ. ඒක හොයන්න ඕනේ නැහැ. ඒක ගැහැනු පිරිමි බේදයක් නැහැ. ගැහැනියකට උනත් පිරිමියෙක්ව අත්පත් කරගන්න ඕන වුනාට පස්සෙ එයාව අල්ලගන්න රැක ගන්න බැරිනම් එයා අල්ලගන්න දරණ උත්සාහය වැඩියි. මමත්වය ඇතුළෙ ප්‍රශ්නෙ. මමත්වය ඇතුළෙ ප්‍රශ්නයම තමයි අර එළියෙ සමාජය.
ලව් කියන්නෙ හොඳම එකක් නෙ. ආදරය කරනවා කියන්නේ ලිංගිකත්වය ම නෙමෙයි නේ. මම අක්කට ආදරෙයි. මම ප්‍රේක්‍ෂකයන්ට ආදරෙයි. මම අම්මට ආදරෙයි. මම හාමුදුරුවන්ට ආදරෙයි. මම වයිෆ්ට ආදරෙයි. මම තව කව්රුහරි ගෑනු ළමයෙකුට ආදරෙයි. කාටහරි ආදරෙයි. ආදරේ ඇතුළෙ සමහර ඒවාගේ සෙක්ස් තියෙනවා සමහර ඒවගේ සෙක්ස් නැහැ. මම භෞතික දේවල්වලටත් ආදරෙයි. යුරේණි කාර් එකට ආදරෙයි. ඒවගේ එක එක ඒවට ආදරෙයි. අපි රටට ආදරෙයි. ඒකත් ආදරයක් නෙ. ආදරය කියන්නෙ දියුණු කන්සෙප්ට් එකක්. හැම කෙනෙකුටම විඳින්න පුලුවන් එකක්. අරගලය විප්ලවය සමාජවාදියා සියල්ල ඇතුළෙ තියෙන්නෙ ආදරය ඒගොල්ලො ඇතුළෙ ආදරය තියෙනවා.
මේ ලෝකෙ ඉස්සරහට රෝසමල් පිපෙන්න ඕනේ. ලංකාවේ දැන් පිපිලා තියෙනවා වගේ රෝස පාටට මුලු ලෝකෙම රෝස පාටට මල් පිපෙන්න ඒනෙ කියලා මම විශ්වාස කරනවා. ''
කළණ සමග කරන ලද සම්පූර්ණ සාකච්ජාව පහතින් ඔබට නැරඹිය හැකියි.






