leader s

“කොළඹ වේදිකාගත කෙරෙන අවසන් අවස්ථාව” යැයි කතා තිබුණෙන් ඊයේ (පෙබ.02) රාජිත දිසානායකගේ  “2019 ජුලි මාසයේ දවසක්” වේදිකා නාට්‍ය නැරඹීමට කොළඹ ලයනල් වෙන්ඩ්ට් නාට්‍යාගාරයට ගියෙමි.

 

එය නැරඹීමට සැළකිය යුතු ප්‍රේක්ෂක සමූහයක් පැමිණ සිටියහ.

නැවත වේදිකාගත නොවනවා යැයි කියන හෙයින් මේ නාට්‍ය ගැන ලොකු කතාවක් නොලියමි. ඇත්තටම නම්, මේ නාට්‍ය රාජිත දිසානායකගේ නාට්‍යයක් වූවත් ඒ ගැන ලියන්නට තරම් වැදගත් යමක් ඇත්තේ ද නැත. එය මීට අවුරුදු 08 ට පමණ පෙර 2017 දී රාජිත විසින් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම යැයි සහතික කෙරෙන පිටපත, නාට්‍ය, අධ්‍යක්ෂණය සහ රංගණය වැනි සම්මාන 07 ක් දිනා ගත් “නැතුව බැරි මිනිසෙක්” නාට්‍ය අහලකින්වත් තියන්නට බැරි තරමි.

drama 02නැතුව බැරි මිනිසෙක්

 

මෙය වේදිකාවේ තැන තැන හිට ගෙන නළු නිළියන් එක වැළට දෙබස් කියන්නාවූ නාට්‍යයකි. මේ නාට්‍යයෙහි සියල්ල දෙබස් මගින් කියන හෙයින්, නළු නිළියන්ගෙන් කිසිදු රංගණයක් ඉල්ලා සිටින්නේද නැත. එනිසා මෙය අතීතයේ කලෙක ගුවන් විදුලියෙන් ජනප්‍රිය වූ “මුවන් පැළැස්ස” මෙන් ඉදිරිපත් කරන්නට තිබුණි.

එවගේම මෙය “නැතුව බැරි මිනිසෙක්” නාට්‍යයේ අන්තර්ගතයෙන් ලිහා දැමුණු වාර්ගවාදී මතවාදයට එරෙහි විවරණය, කණපිට හැර වූවකි. ඒ සමග මේ නාට්‍යයෙහි චරිතයක් ලෙස බාල කවටයෙකුද එකතුකර ගෙන ඇත. තම වටපිටාව යථාර්තවාදීව තේරුම් ගැනීමට හා සාකච්ඡා කිරීමට ඉදිරිපත්වන ධනුෂ්කව, කපටි ව්‍යාපාරිකයෙකු වන ඕස්ත්‍රේලියාවේ පදිංචි මුස්ලිම් විරෝධී අන්ත ජාතිවාදියෙකු වන “වීරෙ” විසින් යටපත් කර හීලෑ කෙරුවකු ලෙසින් නාට්‍ය අවසන් කරන්නේ “වීරෙ” මේ සමාජයේ වීරයකු කිරීමෙන්ය.

ජූලි මාසෙ දවසක් අගෝස්තු මාසෙ දවසක - (චින්තන ධර්මදාස)2019 ජුලි මාසයේ දවසක්
අවසන් වශයෙන් කියන්නට ඉතිරිව ඇත්තේ මෙය මින් පසු වේදිකාගත නොවන්නේ නම්, රාජිත සම්මානලාභී නාට්‍යකරුවකු ලෙස උපයා ගෙන තිබූ කීර්තිය තව ඉදිරියට ඉතිරි කර තබාගත හැකිය යන්න පමණය.
 
මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025 පෙබරවාරි 03


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්