leader s

මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2023, 2024 සහ 2025 වර්ෂවල මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.


මේ යටතේ 2023, 2024 සහ 2025 වර්ෂවල මුද්‍රිත: නවකතා, කෙටිකතා, පද්‍ය යනාදි නිර්මාණාත්මක කෘති ද, ශාස්ත්‍රීය සහ පර්යේෂණාත්මක කෘති ද භාර ගැනීම පෙබරවාරි 10 වැනි දා සිට මාර්තු 10 වැනි දා දක්වා සිදු කරන අතර අදාළ අයදුම්පත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශයෙන් මෙන්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකි ය.

ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ අලෙවි කර ගැනීමේ දී ලේඛකයන් මුහුණ පාන ගැටලු සඳහා සහනයක් ලබා දීම, ගුණාත්මක මට්ටමේ කෘති මිල දී ගැනීම, පුස්තකාල සංවර්ධනය, කියවීම ප්‍රවර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛකයන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ය. එසේ ම www.natlib.lk වෙබ් අඩවියට පිවිසීම හරහා ද මෙම ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු ආදිය ලබා ගත හැකිය.

(සටහන | දිනුක මලින්ද හේරත්)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්