‘‘මේ වෙනස බහු පාර්ශ්විය එකතුවක ප්‍රතිඵලයක්’’ - චමිල් පතිරණ’’ (විඩියෝ)
සාහිත්‍ය කෘතියක් (නවකතා හෝ කෙටිකතා) පාදක කරගනිමින් සිනමා තිර රචනයක් හෝ රුපවාහිනී තිර රචනයක් ලිවීම යනු යම් අභියෝගාත්මක කාර්යයකි. මන්ද එහි දී තිර රචකයා: සාහිත්‍ය කෘතියේ හිමිකරු හෝ හිමිකාරිය ද, නිෂ්පාදක පාර්ශ්වය ද අධ්‍යක්ෂ පාර්ශ්වය ද යන පාර්ශ්ව ත්‍රිත්වය සමග ම සමපාත කාර්යයක නියැළිය යුතු ය. ඒ, ත්‍රෛයි පාර්ශ්වය ම තෘප්තිමත් වන ආකාරයට තිර රචනය ලිවිය යුතු බැවිනි.
චාලක රණසූරිය යනු එබඳු අභියෝග බාර ගැනීමට පසු නොබසින පුද්ගලයෙකි. මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ‘‘ගම්පෙරළිය’’ නවකතාව ඇසුරෙන් ‘‘මාරක ළිඳේ සවාරියක්’’ නමැති වේදිකා නාට්‍ය පිටපත රචනා කිරීමට ඔහු සමත් වන්නේ එබැවිනි.
එබඳු දස්කම් සහිත චාලක රණසූරිය මෙවර ඔබ හමුවට එන්නේ මනෝ විශ්ලේෂණීය පාර්ශ්වයට වැඩි බරක් තැබූ සම්මානනීය නවකතාවක් පාදක කරගනිමින් රූපවාහිනී තිරචනයක් රචනා කිරීම නිමිති කරගෙන ය.
මෙම තිර රචනය පාදක කරගනිමින් අදාළ රුපවාහිනී නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ ද කලක් ත්‍රී ඩී ඇනිමේෂන් සහ විෂුවල් ඉෆෙක්ට් නමැති විෂයය තුළින් සිය දක්ෂතා පිළිබිඹු කළ රුපවාහිනී අධ්‍යක්ෂවරයෙකි; ඔහුගේ පළමු රුපවාහිනී නිර්මාණය වූ‘‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් කලම්බො’’ හි තිර රචනය ද චාලක රණසූරියගේ ය. ඔහු නමින් චමිල් පතිරණ ය.
හෙතෙම මෙවර අධ්‍යක්ෂණය කරන්නේ චාරක රණසුරිය විසින් තිර රචනය කරන ලද, රූපා ශ්‍රියානි ඒකනායක නම් වූ සම්මානනීය ලේඛිකාව විසින් රචිත, රජත පුස්තක සම්මානයෙන් ද පුද ලද ‘‘සිටුවර පුවත’’ නවකතාව පාදක කරගත් ‘‘සිටුවර පුවත’’ රූපවාහිනි නාට්‍ය යි.
මතු පළ වන්නේ චමිල් පතිරණ සහ චාලක රණසුරිය දෙපළ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.
(සටහන | ජයසිරි අලවත්ත)






