ප්‍රේමය වූ කලී තාරුණ්‍යට පමණක්ම උරුම වූ හැඟීමක් බව අර්ථකථනය වෙන සමාජ පසුබිමක ප්‍රේමයේ රහ විඳින්නට සීමා නොමැති බව
අභියෝගාත්මකව කතා කරන සිනමා කෘතියකි 69.
අවුරුදු 69ක වියපත් මිනිසෙකුගේ බලාපොරොත්තු විරහීන ජීවිතය යලිත් පණ ගන්වන්නට ප්‍රේමයේ වසන්තය අරන් එන තරුණියට හැකි වේවිද!
සාමාජීය බැමි ලිහාගෙන සාම්ප්‍රදායක රාමුව බිඳ දමාගෙන ප්‍රේමය ප්‍රේමණීය ලෙස විඳින ඔව්න් සමාජයේ සහ පවුලේ දරුණු ගැරහුම් වලට මුහුණ දෙන්නේ කෙසේද?
ජීවිතයේ දරුණුතම හැඟීම "තනි වීම" තෝරා ගත් මිනිසෙකුගේ මානසික පීඩනය හමුවේ කඨෝර අත්දැකීම් වලට මුහුණ දෙන ඔහු ප්‍රේමණීය පුනරාගමනය හමුවේ යලිත් තරුණ හැඟීම් වලින් ජීවිතය විඳින ආකාරය කියා දෙන මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වන්නේ ශ්‍රීලාංකීය සිනමාවට හැමදාම වෙනස් අර්ථකථන සපයන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම, නිෂ්පාදකයෙක් වන යූ.ඒ පල්ලියගුරු ය.
ඩී සිනමා තවත් අභිමානවත් නිර්මාණයක් වන 69 චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වින්ධ්‍යා හාරිස්පත්තුව
සහය අධයක්ෂණය - දිනේෂ් සංජීව
කැමරා අධ්‍යක්ෂණය - එච්.ඩී. ආරියවංශ
රංගන දායකත්වය:
ක්ලීටස් මෙන්ඩිස්, දිලෘෆා ශානාස් , හිමාය බන්ඩාර, විරාජ් පෙරේරා, ශශි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, සචිත්‍ර කල්‍යාන්ජිත්, දිනේෂ් සංජීව, රමණි දමයන්ති, ඩිලානි වැලිවිට, යශු ඒකනායක.







