ලිංගිකත්වයෙන් තොර ආදරයක් පැවතිය හැකි ද...?
ස්ත්‍රි පුරුෂ මිත්‍රත්වය තුළ ලිංගිකත්වයට ඉඩක් අහිමි ද...?
සමාජයේ පවත්නා මෙබඳු ආකල්ප වුවමනාවෙන් ම පුපුරවා හරින්නට කිසිදු ස්ත්‍රියක හෝ පුරුෂයකු ඉදිරිපත් විය නොහැකි ය. එහෙත් දැඩි මිත්‍රත්වයෙන් බැඳුණු ස්ත්‍රියක සහ පුරුෂයකු අතර කාලයාගේ ඇවෑමෙන් ආදර සබඳතාවක් ගොඩනැගිය හැකි ය. සංස්කෘතිය, සදාචාරය නමැති බියකරු මකරාගේ ගොදුරක් බවට පත්වෙතැයි බියෙන් අත්‍යවශ්‍ය අවස්ථාවක දී වුව ඔවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇති වීමට පවත්නා ඉඩකඩ අල්ප ය.
එහෙත් එක් නිමේෂයක දී අහිංසනා සචේතනී සහ ප්‍රතිෂ්ඨ ජයසුන්දර යුවළ මේ මකරා පරාජය කරන්නේ මිත්‍රත්වයේ ම දිගුවක් ලෙසිනි; ලිංගිකත්වය අභිභවන මිත්‍රත්වය පවත්වාගනිමිනි.
ඉක්බිති ඔවුන් අතර පැවති මිත්‍රත්වය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යෑමට හැකි වුවා ද නැද්ද යන්න ස්ථිර ලෙස ම නිගමනය කළ හැකි වන්නේ පාඨක ඔබ මෙම කෘතිය නිවැරැදිව කියවා ගන්නේ නම් පමණි’’
මෙහෙම ලියල තිබුණෙ ජයසිරි අලවත්තගෙ නවතම නවකතා පොතේ පසු වදනෙ. ඒක ලියන්න ඇත්තෙ කවුද කියල නම් දන්නෙ නැහැ.

කොහොම වුනත් මේ පොතේ ‘කතුවර වදන’ කියන කොටසෙ සඳහන්වන විදියට මේක තමයි ජයසිරි අලවත්තගෙ පළමු ප්‍රබන්ධ රචනය. එයා ඒක 2012 අවුරුද්දෙ ‘‘සුවය’’ කියන සඟරාවට ලියපු එකක්. කිසියම් හේතුවක් මත සඟරාවෙ මේ නවකතාවෙ කොටස් හතරක් පළ වුණාට පස්සෙ පස්වන කොටස පළ වෙලා නැහැ. එතනින් පස්සෙ නවකතාව පළ කරන එක නවත්වලා. ඒකට හේතුව මොකක් ද කියල ජයසිරි කතුවර වදනෙ පැහැදිලි කරනවා.
ඊට පස්සෙ මේ ප්‍රබන්ධ රචනය theleader.lk වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළ වෙනවා. ඒ පිළිබඳවත් කතුවර වදනෙ සඳහන් වෙනවා. සති 87ක් පුරා පළ වුණ මේ ප්‍රබන්ධ කතාවට හොඳ පාඨක ප්‍රතිචාරයකුත් ලැබිල තියෙනවා; දැන් ඒ ප්‍රබන්ධ රචනය ප්‍රබන්ධ කෘතියක් විදියට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒකත් විශේෂ හේතුවක් පාදක කරගෙන.
ඒ ගැන ජයසිරි කියන්නෙ මෙහෙම කතාවක්.
‘‘මේ පොත; එහෙමත් නැති නම් ප්‍රබන්ධ කතාව ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ඔබගේ: මිතුරාට, මිතුරියට, ආදරවන්තයාට, ආදරවන්තියට, සැමියාට සහ බිරිඳට තැගි දෙන්න හොඳ ම පොතක්; හොඳ ම අරුමැසි ම ප්‍රබන්ධ කතාවක්’’ කියල.
මේ පොත අහස මීඩියා නෙට්වර්ක් ප්‍රකාශනයක්.
ඉතිං එහෙම නම් ඔබට දැන් පුළුවන් ජයසිරි කියපු මේ ඕන ම කෙනෙකුට තෑග්ගක් විදියට පිරිනමන්න මේ පොත මිලදී ගන්න.
‘‘වජ්ජා‘වජ්ජ’’ නවකතා පොත හෙට (13) වෙළෙඳ පොළට නිකුත් වෙනවා.
(සටහන | වීර විජය ගුණසේකර)






