leader s

මේ දිනවල වඩාත් ජනප්‍රිය චීන සජීවීකරණ සිනමාපටයක් වන "Ne Zha 2" නිර්මාණය ඩිස්නි සමාගම නිෂ්පාදනය වන "Inside Out 2" චිත්‍රපටය අභිබවා ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.

 

චීනයේ ප්‍රවේශ පත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්ත අනුව පසුගිය 18 වනදා වන විට චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දිනයේදී මෙහි තිරගත වීම ආරම්භ වුණා. ඉන් දින 20කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 අතරට පත්ව, එක් දිනකට පසුව "Ne Zha 2" සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයක්.

 

චීනය තුළ, එනම් තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීමද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි සටහන් වන්නේ.

දිනුෂි ධීරසිංහ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.v

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්