leader s

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය දිනාගත්, ඊට කෙටි හා දීර්ඝ ලැයිස්තුගතව ඉක්බිති මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූ කෘති ස්වකීය ඇගයීම් ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ගනු ලැබූ අත්තනෝමතික තීන්දුවට විරෝධය දක්වමින් ලේඛකයින් තිදෙනෙක් සිය කෘති එම සංගමයේ සාහිත්‍ය ඇගයීම් ක්‍රියාවලියෙන් ඉවත් කරගැනීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන, මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති සහ ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන සිය තීරණය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.  

මේ සම්බන්ධයෙන් මංජුල වෙඩිවර්ධන සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණි.

481217455 9989914401033160 4378581951821605090 n"විදර්ශන සාහිත්‍ය ත්‍යාගය ලද ප්‍රබන්ධ කෘති සහ ඒ සඳහා නිර්දේශිත ප්‍රබන්ධ කෘති කප්පාදු කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගෙන ඇති අත්තනෝමතික තීන්දුවේ වෙනසක් නොවේ නම් එම තීන්දුවට විරෝධයට පළ කිරීමක් වශයෙන් මා විසින් ලියවුණු ප්‍රබන්ධ කෘති එම සංගමයේ  සාහිත්‍ය ඇගයීම් ක්‍රියාවලියෙන් ඉවත් කිරීමටත්, මින් මතු පළ වන ප්‍රබන්ධ කෘති එම ඇගයීම් ක්‍රියාවලියට ඉදිරිපත් නොකිරීමටත් මම මගේ ප්‍රකාශකයන් වෙත දැනුම් දුන් අතර මගේ කෘති දැනටමත් එම ඇගයුම් ක්‍රියාවලියට ඇතුළත් කර ඇත්නම් එම කෘති ඉවත් කරන ලෙස එම සංගමයේ ලේකම් තැන්පත් දිනේෂ් කුලතුංග වෙත ද මම විද්‍යුත් තැපෑල මගින් අද දැනුම් දුන්නෙමි."

එසේම, විදර්ශන ප්‍රකාශන ආයතනයේ අධිපති ජනක ඉනිමංකඩ සිය මුහුණු පොතේ සටහනක් තබමින් මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති හා ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන ගේ තීරණ ගැන ද දැනුම් දී ඇත.

rtyu

සටහන : අවාරා

 

සබැඳි පුවත් :

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව.. | Manjula Wediwardena

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්