කවිය යනු හුදු අදහස් පළ කිරීමක් පමණක් ම නොවේ. එමගින් කවියාගේ අනුභූතිය ඉස්මතු විය යුතු ය. කවියාගේ හෝ කිවිඳියගේ පරිකල්පන ශක්තිය, උත්පාදක ශක්තිය මෙන් ම ස්වකීය නිසර්ග සිද්ධ ප්‍රතිභානය ද කවියෙහි මූර්තිමත් විය යුතු යි.
එමෙන් ම කවිය භාව ප්‍රකාශනයක් විය යුතු අතර එය බස යොදා ගැනීමේ විශිෂ්ටත ම ආකාරයක් විය යුතු ය. කවියෙහි මූලික අලංකාරය ස්වභාවෝක්ති මග ගැනීම සිංහල කවියට උචිත විය යුතු ය. කවි සිරුර ඉවක් බවක් නොමැතිව අලංකාරවලින් සැරසිමට උත්සාහ කිරීමෙන් එයට වහල් නොවීම වඩාත් සුබ දායක ය. එසේ වුව ද උචිත ලෙස: උපමා, රූපක, ශ්ලේෂ, ව්‍යතිරේක, සමාසෝක්ති යොදාගැනීම ඉවත දැමිය නොහැකි ය.
මතු පළ වන්නේ මෙබදු ලක්ෂණ සහිත කාව්‍ය සංග්‍රහයක් රචිත පාලිත අරවින්ද විරක්කොඩි, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.
(සටහන | ජයසිරි අලවත්ත)






