සම්මාන ලාභී ගීත රචකයකු, කවියකු, කෙටිකතාකරුවකු සහ ආර්ථික විද්‍යා ගුරුවරයකු වන වීරවිජය ගුණසේකරගේ පළමු නවකතාව වන ‘‘ත්‍රිකාල දණ්ඩන’’ කෘතිය මාර්තු 04වන දින පස්වරු 02.00ට උතුරු මැද පළාත් සභා (අනුරාධපුර) ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
වීරවිජය ගුණසේකරඑම අවස්ථාවේ දී පැවැත්වීමට නියමිත සාහිත කතිකාව සඳහා: ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, නන්දන වීරසිංහ, මහින්ද කුමාර දළුපොත, ශාන්ති දිසානායක සහ ජයසිරි අලවත්ත යන අය සහභාගි වීමට නියමිත ය.
(සටහන | බද්ධාංජලි පටිභානී)






