leader s

සෑම වසරකම ලොව පුරා දස දහස් ගණනක ගේ ආකර්ෂණය දිනාගත් ලොව විශාලතම චිත්‍රපට උළෙලක් ලෙස සැලකෙන “බර්ලින් අන්තර්ජාතික සිනමා උලෙළේ”, Talents Footprints – Mastercard Enablement වැඩසටහන යටතේ වසරේ නැඟී එන නිර්මාණකරුවන් අතරට බවනීදා ලෝගනාදන් තේරී පත්වී තිබේ.

ඒ අනුව ඇය විසින් ඉදිරිපත් කළ “Big Eyes Short Film Lab 2025: Finding Marginalized Stories from Untold Worlds” ව්‍යාපෘතියට යුරෝ 10,000ක ප්‍රදානයක් හිමි වී ඇත.

මෙම ව්‍යාපෘතිය විශේෂයෙන්, දෙමළ වතු ප්‍රජාව ආශ්‍රිත මෙරට ආන්තිකරණයට ලක්වූ සිනමාකාරිනියන් සවිබල ගැන්වීම සඳහා මුලපිරීමක් බව බවනීදා ව්‍යාපෘති ඉදිරිපත් කිරීම ඔස්සේ පෙන්වා දී තිබේ. කාන්තාවන් බලගන්වමින් ඔවුන්ට කතන්දර කීම හරහා සිය හඬ ඉදිරියට ගෙන ඒමට වේදිකාවක් සැපයීම Big Eyes Short Film Lab 2025 ව්‍යාපෘතියේ අරමුණ බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

fwe

 

කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක් ලෙස මෙරට තුළ නමක් දිනූ බවනීදා ලෝගනාදන් මෙම ජයග්‍රහණය ගැන සිය සමාජ මාධ්‍යය ගිණුමෙහි තැබූ සටහනකින් කොටසක් පහතින්,

“සිනමාව හැමදාමත් මගේ අධ්‍යාත්මයේ දෙවියන් වැනි ය. මෙම වසර පහ තුළ, පහසුවෙන් ළඟා කරගත් සාර්ථකත්වයන් හෝ අසාර්ථකත්වයන් නොමැත – ඒවා අද මා කවුරුන්ද යන්න හැඩගස්වා ඇති පියවර පමණි.

මේ අපූරු ගමනට ස්තූතියි සිනමාව”

සටහන : අභිෂේකා වාසල බණ්ඩාර

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්