leader s

[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු  මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා නම් සිය පුතු වෙනුවෙන් සටන් වැදුණු වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මෑණියන්ගේ කතා පුවතයි. "රාණි" නම් වූ එකී සිනමා නිර්මාණය ඇතුළු දේශීය සිනමා කර්මාන්තය ගැන "රාණි" ප්‍රදර්ශනයට පෙර අශෝක හඳගම සමග කළ කතා බහකි. ]

ප්‍රශ්නය :
චන්දකින්නරි, මේ මගේ සඳයි, අක්ෂය, ඇගේ ඇස අග, තනි තටුවෙන් පියාඹන්න, විදු, ඉනි අවන්, අසන්ධිමිත්තා, අල්බරෝදා  වැනි  ඔබේ අනෙකුත් සිනමා නිර්මාණයන් බොහොමයක් අතරින් රාණි නව සිනමා නිර්මාණය වෙනස් වන්නේ කොහොමද ?

 

හඳගම ගේ ඇල්බොරාදා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයටඅල්බරෝදා
මගේ කලින් සිනමා නිර්මාණය වූ අල්බරෝදා වලින් "රාණි" වෙනස් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න පහසුයි. මොකද මේ නිර්මාණ දෙකම අයත් වෙන්නේ චරිතාප්‍රදාන සිනමා ශානරයට. ඇල්බරෝදා නිර්මාණයේදී මට පරිකල්පන නිදහස වැඩියි. ඊට හේතුව වසර 100 කටත් වැඩි ඉතිහාසයක් ඇති කතාවක් නිසා ඒ චරිත අපි කවුරුත් දැකලා නැහැ වගේම දැකපු කෙනෙක් අද ජිවත්වෙන්නෙත් නැහැ. මේ නිසාම මට නිදහසේ පරිකල්පනය කරලා අල්බරෝදා නිර්මාණය කරන්න හැකියාව තිබුණා.

එහෙත් රිචඩ් ද සොයිසා ගේ සිදුවීම ඊට වෙනස්. මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයෝ සමහර විට ජිවතුන් අතර ඉන්නවා, රිචඩ් ඇසුරු කළ මිතුරු මිතුරියන්, හිතවතුන් ජිවතුන් අතර ඉන්නවා, ඒ කාලේ තරුණයෝ හැටියට හිටපු අපි වගේ පරම්පරාවක් තවම ජිවතුන් අතර ඉන්නවා. අනිත් දේ තමයි මේ සිද්ධිය ගැන බොහෝ දෙනා තොරතුරු දන්නවා. ඒ ටික තමයි නිර්මාණය ඇතුලේ කළමනාකරණය කරගන්නේ. ඒ අනුව මගේ පරිකල්පනය ඒ පරාමිතීන් ඇතුලේ සිමා වෙනවා. ඒ සීමාවන් ඇතුලේ තමයි මෙහි කතාව පරිකල්පනය වෙන්නේ. "රාණි" නිර්මාණයේදී මම මුහුණ දුන් ප්‍රධාන අභියෝගය ඒකයි.  

ප්‍රශ්නය :
ඔබත් මුහුණ දුන් භීෂණ  වටපිටාවක සිදුවූ  රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම වැනි සිදුවීමක්  පදනම් කරගෙන සිනමා නිර්මාණයක් කරන්න ඔබ ප්‍රමාද වුණා නේද ?   මෙතරම් කාලයක් ගතවුනේ ඇයි ?  නැත්නම් අනෙකුත් බොහෝ පාර්ශවයන් මෙන් ඔබත් ඒ බිහිසුණු අතීත අත්දැකීම් අමතක කර දැම්මාද ?  කොහොමද  රාණි නිර්මාණයට මග පෑදුනේ ?

 

රාණි චිත්‍රපටියේ trailer එක එළිදකී (වීඩියෝ)
රිචඩ් ද සොයිසාගේ මරණින් පසු ඊට තුඩු දුන් දේශපාලන හේතු, කාරනා සම්පුර්ණයෙන්ම මර්දනයට ලක් කෙරුනා. ඊට පස්සේ ඒ දේශපාලන කතා බහ යට ගියා.  රිචඩ් ඝාතනයට කලින් 89 නොවැම්බර් වලදී විජේවීර ඝාතනයත් සමඟ තරුණ පරම්පරාව හැටියට අපට තිබුණු දේශපාලන බලාපොරොත්තු හෝදා පාලුවට ලක්වුනා. ජනතා අරගලය එහෙමත් නැත්නම් විකල්ප දේශපාලනය වෙනත් මුහුණු වරකින් නැවත හිස ඔසවන්න පටන් ගත්තේ 90 දශකයේ අග, 2000 මුල ඉඳන්. ඒ වෙනකොට අපිට මුහුණ දෙන්න වුනු දරුණු තත්වයක් තමයි උතුරේ තිබුණු අරගලය. අපි ඒ දේශපාලන පසුබිම් පිළිබඳව අපේ නිර්මාණ තුලින් කතා කළා. "මේ මගේ සඳයි" සිනමා කෘතියත්, "සින්තටික් සිහිනය" ටෙලි නාට්‍ය  ගත්තත් එක්තරා විදිහකට අඩු වැඩි වශයෙන් අපි යුද්ධය පිළිබඳව කතා කළා.

 

web 01
"මේ පාරෙන් එන්න", "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නිර්මාණයන් හා "ඉනි අවන්" සිනමා නිර්මාණයෙන් පශ්චාත් යුද අත්දැකීම්  ගැන කතා කළා. ඒ අනුව අපේ අවධානය වෙන පැත්තකට  යොමු වුණා.

මේ යුගය වන විට අපිට නැවත වතාවක්  ඒ අතීතය ගැන  සන්සුන්ව හිතන්න, ආපසු හැරී ඒ කෙරෙහි බැල්මක් හෙලන්න පුළුවන් කමක් ලැබී තියෙනවා.

"රාණි" නිර්මාණයට අවස්ථාව  ලැබෙන්නේ අහඹුවක්  විදිහටයි. ඉතිං මම ඒ අවස්තාව ගත්තා. රිචඩ් මරා දැමීම පමණක් නොව ඒ කාලේ සිදුවූ දේවල් ඉතිහාසයෙන්   අමතක කළ යුතු දේ නොවේ. මගේ නිර්මාණ වල ඉතිහාසය ගැන කතා කලොත්,  ඒවා අඩු වැඩි වශයෙන් සාකච්ජා වෙලා තියෙනවා වුනාට මෙය එක්තරා හිඩැසක් තමයි.  ඒ හිඩැස පුරවන්න අවස්තාව ලැබුණු වෙලාවේ මම එය ප්‍රයෝජනයට ගත්තා.

ඇත්තටම පසුගිය වකවානුවේ අපේ අවධානය යොමුවෙලා තිබුනේ යුද්ධයට.

 

මාලිමාව යනු කුමක්ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)ගින්නෙන් උපන් සීතල
රෝහණ විජේවීර ගැන කියවෙන "ගින්නෙන් උපන් සීතල" සිනමාපටය නිර්මාණය වුනෙත් මෑත කාලීනවයි.

88 /89 යුගය ගැන  1996 දී මම නිර්මාණයකින් කතා බහ කරලා තියෙනවා. ඒ "සඳ දඩයම" තුලින්. ඒත්  ඒ නිර්මාණය තාක්ෂණික හේතු නිසා ප්‍රදර්ශනය කරන්න බැරි වුණා. ඒ යුගයේ වටපිටාව ගැන කිසියම් දුරකට කතා කරන්න "සඳ දඩයම" තුලින්  මම උත්සහ දැරුවා.  

ප්‍රශ්නය :
වේදිකාව, සිනමාව, ටෙලිවිෂනය, ලේඛනය, ගීත රචනය, කවි, කෙටිකතා  වගේම  ඔබ හොඳ චිත්‍ර ශිල්පියෙකුත් වෙනවා. ඒ වගේම අත් දැකීම් සපිරි සංස්කෘතික -දේශපාලන  ක්‍රියාධරයෙක්. අනෙක් පැත්තෙන් ඊට හාත්පසින් වෙනස් වන ඔබ විද්‍යා උපාධිධාරියෙක්.  එංගලන්තයේදී ආර්ථික විද්‍යාව ගැන වැඩි දුර අධ්‍යාපනය ලැබුවෙක්. ඒ වගේම ශ්‍රීලංකා මහ බැංකුවේ උසස් නිලධාරියෙක්.  මේ භූමිකා හරහා ඔබ  කලාවේ නිරත වෙන්නේ, නිර්මාණයන් කරන්නේ හුදු විනෝදාස්වාදය වෙනුවෙන්ද?  නැත්නම් සමාජ මෙහෙවරක් විදිහට ද ?

 

Asoka Handagama 03
සිනමාවේ හෝ වේදිකාවේ වේවා මම  කලාවේ නිරතවෙන්නේ  සමාජ මෙහෙවරක් විදිහටවත්, විනෝදාස්වාදය වෙනුවෙන් වත් නොවේ,  ආත්ම ප්‍රකාශණයක් විදිහට. ඒ ප්‍රකාශනයන් පෙරලා යම් සමාජ මෙහෙවරක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මගේ නිර්මාණ ප්‍රකාශනයන් විනෝදාස්වාදයක් ලෙස දකින්නත් පුළුවන්. මගේ නිර්මාණ කාර්ය නම්  ආත්ම ප්‍රකාශනයයි.

ප්‍රශ්නය :
ජාතික ප්‍රශ්නය මුල් කරගෙන, එහෙමත් නැත්නම් පැවති යුද්ධය පසුබිම් කරගෙන කෙරුණු ඔබේ නිර්මාණයන්ට මෙන්ම අනෙකුත් නිර්මාණ කෙරෙහිද නොයෙකුත් වාරණ, තර්ජන ගර්ජන අපවාද  එල්ලවුනා. ඒවා ඔබේ නිර්මාණයන්ට ශක්තියක් වුණා ද ? නැත්නම්  ඒ නිසා ඔබේ දේශපාලනික හා සමාජ මතවාදයන් වෙනසකට ලක් වුණා ද?


තර්ජන ගර්ජන හේතුවෙන් මගේ මතවාදයන් වෙනසකට ලක්වුණේ නැහැ තවදුරටත් ශක්තිමත් වුණා මිසක්. මගේ මතවාදයන් වෙනස් වෙන්න බලපෑවේ මම ලබපු අත්දැකීම් හා දැනුම. ලෝකය දැකීම හා පොත පත ඇසුරින් ලැබුණු දැනුම මගේ දැක්ම වෙනසක් කළා. තර්ජන,ගර්ජන වාරණ වලින් වුනේ ඒවා ගේ අවස්ථාවන්ට ශක්තිමත්ව මුහුණ දෙන්න ධෛර්යක් ලැබීමයි.

 


ප්‍රශ්නය :
ඔබේ නිර්මාණයන් බොහොමයක් දේශපාලනික වන්නාසේම ස්ත්‍රීත්වය මෙන්ම ලිංගිකත්වයද බොහෝ ලෙස කතා තේමාවට යොදා ගන්නවා නේද?  

මේ සමාජයේ ස්ත්‍රීතත්වයට හිමි වන තැන කුමක්ද? ඒ ගැන කතා කිරීමත් දේශපාලනිකයි. ලිංගිකත්වය වුනත් දේශපාලනිකයි. කිසියම් මොහොතක කිසියම් තත්වයන් තුල එම  මතවාදයක් පෝෂණය කරන්නේ  දේශපාලනය තමයි. අපි කුඩා අවධියේදී ස්ත්‍රීන්ට තිබුණු තත්වයට සාපේක්ෂව  කිසියම් නිදහසක් අද සමාජයේ ස්ත්‍රීන් බුක්ති විඳිනවා.  උදාහරණයක් විදිහට අධ්‍යාපනය ගත්තොත් විශ්ව විද්‍යාල වලට ඇතුල්වන පිරිස් වල වැඩි ප්‍රතිශතය ස්ත්‍රීන්. ඒ කාලෙට වඩා ස්ත්‍රීන් අද පෙරමුණට ඇවිත්. මෙවර පාර්ලිමේන්තුවේත් ස්ත්‍රී බහුතරයක් ඉන්නවා.

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)තනි තටුවෙන් පියාඹන්න

කාලාන්තරයක් තිස්සේ ගෙන ගිය දේශපාලන අරගල වල ප්‍රථිපල මත තමයි මේ සාධනීය දේවල් යම් ප්‍රමාණයකින් හෝ ඉටු වෙලා තියෙන්නේ. ලිංගිකත්වය ගත්තත්  එහෙමයි. ලිංගික නිදහස එහෙමත් නැත්නම් ලිංගික ආකල්ප ගැන එදා තිබුනට වඩා  නිදහසක් අද අත් විඳිනවා. ඒ අතින් ගත්තහම ලිංගිකත්වය හා ස්ත්‍රීත්වය මාතෘකාවන් තියෙන්නේ දේශපාලනය ඇතුළතයි. උදාහරණයක් හැටියට "තනි තටුවෙන් පියාඹන්න" නිර්මාණය සලකා බැලුවොත්, එහි ස්ත්‍රීත්වය විසින් තමන්ගේ විමුක්තිය වෙනුවෙන් හුදකලා කැරැල්ලක් ගහනවා. ඒ හුදකලා කැරැල්ල පරාජය වුනත්, එතැනදී තනියම වුනත් කැරැල්ලක් ගහනවා එය දේශපාලනිකයි.  

ප්‍රශ්නය :
දේශීය සිනමා කර්මාන්තයේ ඔබ හඳුනා ගන්නා මුලික ගැටළු මොනවාද ? එහි  හෙට දවස ගැන ඔබේ අදහස කුමක්ද?

සිනමාව කර්මාන්තයක් ලෙස ගත්තොත් එය වඩාත් පුළුල් දෙයක්. චිත්‍රපටයක් නිර්මාණයත්, ප්‍රදර්ශනයත් කර්මාන්තයේම කොටසක්.  සිනමා ප්‍රදර්ශනය කර්මාන්තයක් ලෙස දියුණු වෙන්නේ,  සිනමා ශාලාවලට කිසියම් විදිහක ආර්ථික වශයෙන් පැවතිය හැකි වාතාවරයක් උඩයි. චිත්‍රපට නිපදවීම කර්මාන්තයක් ලෙස පවතින්න නම් ඒ වෙනුවෙන් ආයෝජනය කළ මුදල් නැවත උපයාගන්න හැකියාව තිබිය යුතුයි. කර්මාන්තයක් වෙන්න බලපාන මුලික හේතු වෙන්නේ මේ සාධකයි. ඝට්ටනය පවතින්නේ මේ කරුණු දෙක අතරයි.

 

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)
සිනමාකරුවන් ලෙස නිපදවන චිත්‍රපට මුදල් උපයගන්නේ නැත්නම් ඔවුන් අධෛර්යට පත්වෙනවා. සිනමා ප්‍රදර්ශකයන්ට එහෙම බලපෑමක් නැහැ. චිත්‍රපටය දුවන්නේ නැත්නම් ඒක ගලවා දමා වෙනින් දුවන චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා.  

දේශීය සිනමාව නඟා සිටුවීම යන්න සිනමාවට පමණක් සීමා වන්නේ නැහැ. එය සමස්ත ආර්ථිකයේම කොටසක්. සිනමාව කර්මාන්තයක් ලෙස පවතින්න නම් තිරසාර බවක් ඇතිවිය යුතුයි. විශේෂයෙන් ප්‍රේක්ෂකයෝ ඉන්න ඕනෑ. අද සිනමාව කියන්නේ සිනමා ශාලාවට පමණක්  ගිහින් බලන දෙයක් නොවේ.

උදාහරණයක් ලෙසට ටෙලි නාට්‍යයක් ගත්තොත්, අපි 1997 දී  "දියකැට පහන" ටෙලි නාට්‍ය කරලා එක් කොටසක් රූපවාහිනියට දුන්නේ රුපියල් ලක්ෂ දෙක හමාරකට. අද 2025 දීත් ටෙලි නාට්‍යයක එක කොටසකට ගෙවන්නෙත් ඒ රුපියල් ලක්ෂ දෙක හමාරයි. හැම දේකම මිල වැඩි වුනත් ඇයි මේකේ විතරක් මිල අඩුවෙලා තියෙන්නේ. ඉස්සර වගේ නොවේ දැන් ටෙලි නාට්‍යයක් නිපදවන්න ඕනේ වියදමයි, පහසුකම් ගත්තාම අද ඕනෑ තරම් උපකරණ තියෙනවා. අපි සිනමාව ආරම්භ කරන කොට මුළු ලංකාවටම තිබුනේ කැමරා දෙකයි, තුනයි.  

 

476117651 953947760166628 5051083010232613176 n
සිනමාවේ වුණත්  චිත්‍රපට හැදීම බොහොම පහසුයි.තරඟය තියෙන්නේ ප්‍රදර්ශනයේදී. ඒ තුල අසමතුලිතතාවයක් තිබෙනවා. ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුත්  තියෙනවා.

මේ නිසා සිනමාවේ, ටෙලි නාට්‍ය කර්මාන්තයෙන් යැපෙන අය යැපුනත්,  අමාරුවේ වැටෙන්නේ ආයෝජකයෝ.  මේ තත්වය තුල තවදුරටත්  ඉදිරියට යන්න තිබෙන  ඉඩකඩ සීමිතයි. මිට විසදුම් විදිහට කුමක් හෝ විදිහකින් වෙළඳ පොළ පුළුල් කර ගැනීමේ අභියෝගය අපි හමුවේ තිබෙනවා.

ඔස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් එහි ජිවත් වෙන ලාංකිකයන් චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන නරඹන්න එනවා. මෙහෙ නිර්මාණකරුවන් එහෙ යනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව හා ලංකාව අතර වෙනම ආර්ථිකයක් ගොඩ නැගී තියෙනවා. එතුල ලංකාවේ නිර්මාණවලට ගොඩ නැගී තිබෙන්නේ හොඳ වෙළඳ පොලක්.  ලංකාවේ සිනමා ශාලා වලින් පමණක් යැපෙන්න හැකි දෙයක් නොවේ මේ  සිනමාව. ඒ නිස  ලාංකිකයෝ ගොනු වෙච්ච රටවල, නගරවල නව වෙළඳ පොලක් සොයා ගත යුතුයි. ලංකාව පදනම් කරගෙන Netflix පන්නයේ මාදිලියක් නිර්මාණය කරගන්න හැකි වුනොත් ඒ ඔස්සේ  ලෝ පුරා වෙසෙන ලාංකිකයන්ට අපේ සිනමා නිර්මාණ නරඹන්න පුළුවන්. එයත් එක්තරා විදිහක විසදුමක් වේවි.  

කොහොමත් සිනමා කර්මාන්තය වර්ධනය කිරීමට සිනමාකරුවන් විදිහට අප අතර කතා බහක් තියෙනවා.  අපි තවම ඉන්නේ සංක්‍රාන්ති අවධියක. කොහේ යනවාද කියලා තවම කියන්න බැහැ.

 

ශ්‍රී ලාංකේය සිනමාවේදී විමුක්ති 72 වැනි බර්ලින් සිනමා උලෙළේ ජූරියටවිමුක්ති ජයසුන්දර
උදාහාරණයක් විදිහට පෙන්වා දුන්නොත්, විමුක්ති ජයසුන්දර වගේ සිනමාකරුවෙකුගේ නිර්මාණ ලංකාවේ ප්‍රේක්ෂකයාට ගෝචර වෙන්නේ නැහැ. ඒ වුනාට විදේශ සිනමා උළෙල වැනි වෙනත් වෙළඳ පොලක් ඔහුගේ චිත්‍රපට වලට තියෙනවා. ඒ වගේ සිනමාකරුවන්ට තමන්ට ගැලපෙන වෙළඳ පොළ සොයා ගෙන යාමට සිදුවෙනවා.

ප්‍රශ්නය :
අත්දැකීම් බහුල ප්‍රවීන සිනමාකරුවෙක් ලෙස දේශීය සිනමාවේ නවක සිනමාකරුවන් හා කාරියන් ගැන ඔබට අපේක්ෂාවක් තියෙනවද

ඔවුන් කෙරෙහි අපේක්ෂාවක් තියෙනවා. අපි සිනමාවට පිවිසෙන කාලේ සිනමාකරුවෙක් වෙන්න අමාරුයි. දැන් ඕනෙම අයෙකුට සිනමාකරුවෙක් වෙන්න පහසුයි. ඒ වනාට හදපු නිර්මාණයක් පෙන්වා ගන්න අමාරුයි. අපේ කාලේ සිනමා නිර්මාණයක් කර ගත්තොත් ප්‍රදර්ශනය ගැන සහතිකයි. අද  මොනවා හැදුවත් ප්‍රදර්ශනය ගැන විශ්වාසයක් තබා ගන්න බැහැ. අපිට තාමත් කිසියම් විදිහක  ඉල්ලුමක් තියෙන්නේ අපේ පැරණි සිනමාකරුවෝ නිසා. කිනම් හේතුවක් නිසා හෝ අපේ සිනමාවක්  නරඹන්න ප්‍රේක්ෂකයෝ ටිකක් ඉන්නවා. එහෙම දෙයක් තියෙනවා. ටෙලි නාට්‍යකරුවෝ ලෙසට වුනත් මිනිස්සු අපේ නම් දන්නවා. ඒ වුනාට නව ටෙලිනාට්‍ය නිර්මාණකරුවෝ ඉන්නවා නිර්මාණ කරනවා මොනාද? කවුද? කිව්වට නම් දන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ. එම තත්වය උඩ නවක සිනමාකරුවන්ට/කාරියන්ට තිබෙන අභියෝගය තමයි තමන්ගේ කෘතියක් ප්‍රදර්ශනය කරවා ගැනීම. මොකක්ද තියෙන අවකාශය. එය තමයි ජය ගත යුත්තේ. නව මානයන් සොයා ගැනීමේ හැකියාව ඇත්තේ ඔවුන්ටමයි. ඔවුන් තමයි ප්‍රශ්නේ දන්නේ. අපිට එය පරිකල්පනය නොවෙන්න පුළුවනී.

උදාහාරණයක් විදිහට දැන්  Youtube කියන්නේ යහමින් මුදල් උපයන්න හැකි මාධ්‍යයක්. ලකයි -සිකයි, ජනයි-ප්‍රියයි, ලෝචනි වැනි අය මේ හරහා යම් මුල්‍යමය පැවැත්මක් තහවුරු කරගෙන තියෙනවා. සිනමා හෝ ටෙලි නාට්‍යය නිර්මාණකරුවන් ලෙස නොවේ ඔවුන් Youtubers ලෙසයි හඳුන්වන්නේ.  Youtube රංගන ලෙසින් පවතිනවා. ඒ වගේ නව මානයන් සොයා ගත යුතුයි. අලුත් තත්වයන් යටතේ කෙසේ ක්‍රියා කලයුතු ද යන්න නවක සිනමාකරුවන්/කාරියන් ඔවුන් විසින්මයි තීරණය කළ යුත්තේ.

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සංවාද සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනී  
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්