ප්‍රාදේශීයව විසිර සිටින ශිල්පීය නිපුණතාවයක් ඇති ආදි සෞන්දර්ය විද්‍යාර්ථීන් බලගැන්වීමේ මූලික අරමුණින් “සෞන්දර්ය හඬ” (කෑගල්ල දිස්ත්‍රික්) සංවිධානය විසින් පවත්වනු ලබන, චිත්‍ර කලා ප්‍රදර්ශනය සහ අලෙවි පොළ , මාර්තු 16 දින, පෙ.ව. 9.00 සිට ප.ව 5.00 දක්වා රඹුක්කන “පින්නලන්ද හෝටල්” පරිශ්‍රයේදී පැවැත්වේ.
එමෙන්ම මෙම ප්‍රදර්ශනය හරහා විදේශික සංචාරකයන් තුළ ශ්‍රී ලාංකීය චිත්‍ර සහ අත්කම් නිර්මාණ පිළිබඳ අවබෝධයක්, රුචිකත්වයක් සහ වෙළඳපොලක් නිර්මාණය කිරීම ද අපේක්ෂිතයි.
මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් සහ ශිල්පීන් 14 දෙනෙකු සහභාගී වේ.
මෙම චිත්‍ර කලා ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ශිල්පීන් ශිල්පිනියන් මෙසේය,
අමරා සුන්දර පෙරුම,
අනුලා කුමාරි,
අශාන් විජේසිංහ,
චමින්ද පුශ්ප කුමාර,
එරංද සමරකෝන්,
හිමාලි රාජගුරු,
ලලනි රාජපක්ෂ,
නයනා දිල් රුක්ෂි,
නිහාල් ජයරත්න,
නිලන්ති වීරෙ කර,
රත්නා මීදෙනිය,
සංජය සමරකෝන්,
සුනන්ද බණ්ඩාර,
උපේකා විජේසුන්දර
මේ සඳහා සම්බන්ධීකරණ සහය කෑගල්ල හෝටල් හිමියන්ගේ සංගමය සහ වන්න නවරත්න ලබාදී ඇති අතර පින්නලන්ද හෝටයේ හිමිකාරීත්වය විසින් එම පරිශ්‍රය නොමිලේ ලබාදී ඇත.
කෑගල්ල දිස්ත්‍රික් සෞන්දය හඬ සම්බන්ධීකාර නියෝජිත මණ්ඩලය වෙනුවෙන් රමණි ධර්මප්‍රිය ගේ නායකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර ඇත.
සෞන්දර්ය හඬ " සාමූහිකය ගොඩනගනු ලබන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින් ගේ එකතුවෙනි.
වැඩි විස්තර -
නිරංගා ආරියපාල ජාතික සංවිධායිකා
070-3770119
නිලන්ති වීරසේකර ව්‍යාපෘති සංවිධායිකා
077-4062732
Byed 2170 and
ඉන්ද්‍රජිත් වෑවලගේ
සම්බන්ධීකාරක






