leader s

මින් පෙර අපේ පොලිආර්ට් පළමු ලිපිය වෙන් වුනෙත් මෞරිසියෝ කැටලන් ගේ මතබේදාත්මක කලා කෘතියක් වෙනුවෙන්.

මෙවර ලිපිය වෙන් වන්නේත් ඔහුගේම තවත් මතබේදාත්මක කලා කෘතියක් වෙනුවෙන්. ඒ තමයි America America යනුවෙන් නම් කොට මෙලෙස නිර්මාණය කෙරී ඇත්තේ සම්පුර්ණ ලෙස ක්‍රියාත්මක වන කොමඩයක්. මෙහි විශේෂත්වය කැටලන් විසින්ම මෙය නිර්මාණය කිරීම සහ එය කැරට් 18 රනින් නිමවී තිබීමයි.

468805514 10162122113593501 4165347975025490195 nමේ නිර්මාණය එළිදක්වමින් කැටලන්  ප්‍රකාශ කළේ  ”‍සියයට අනූනවයක් දෙනා සඳහා සියයට එකක කලාවක්”‍ නිර්මාණය කිරීමට තමාට අවශ්‍ය වූ බවයි. ඒ හරහා ඉහළ සමාජයට පමණක් ප්‍රවේශ විය හැකි වරප්‍රසාදයක් සේ කොටු වී ඇති කලාව සැමට  ප්‍රවේශ වීමට හැකි මඟක් කිරීමේ ඔහුගේ ආශාව ඔහු පිළිඹිබු කරනවා. 2016 වසරේදී මෙම නිර්මාණය එළි දක්වමින් කැටලන් එය සමාජයේ  ඕනෑම තරාතිරමක මනුස්සයෙක්ට පාවිච්චි කොට බැලිය හැකි රන් කොමදයක් බවට පත් කළා. ඒ අනුව නිව්යෝක් Solomon R' Guggenheim කෞතුකාගාරයේ විවේකාගාරය තුළ ස්ථාපිත කරන ලද මේ  රන් ඇමරිකාවි මත අසුන් ගෙන සිය බර නිදහස් කරගැනීමට, එය පාවිච්චි කර බැලීමට පැමිණෙන නොයෙක් විදිහේ මිනිසුන්ගේ දිගු පෝළිමක් කෞතුකාගාරය තුළ නිර්මාණය වුණා. පැය තුනකට ආසන්න කාලයක් එම පොළිම් වල රැදී සිටි ඇතැමුන් පැවසුවේ එය එකවිට සතුට, කෝපය සහ පිළිකුල දනවන හැඟීමක් ජනනය කළ බවයි.

g67789

 

තමන්ගේම රට වූ ඇමරිකාවේ නමින් නම් කොට තිබු කොමඩයක් මතට මළමුත‍්‍ර පිට කිරීම රට කෙරෙහිත්, රසිකයා වන තමන්ම කෙරෙහිත් අභ්‍යන්තර  ප්‍රශ්න කිරීමකට ඔවුන්ව පොළොඹවන  ක්‍රියාවක් වී තිබුණා. ඇතැම් විචාරකයින් පෙන්වා දුන්නේ, ලෝකයේම කුණු සුද්ද කිරීමට යන ඇමරිකාව රනින් නිමවූ කොමඩයකට සමාන කරන ආකාරයේ අඳුරු දේශපාලන විහිළුවක් කැටලන් විසින් සිදු කොට ඇති බවයි.

”‍සියයට අනූනවයක් සඳහා සියයට එකක කලාවක්”‍ ලෙස කලාකරුවා විසින්ම හඳුන්වා දී තිබීම නිසා ඇතැමුන් මෙය සැළකුවේ ඇමරිකාව සතු අතිරික්ත ධනය සහ ලෝකයේ ධනවතුන් සහ දුප්පතුන් අතර පුළුල් වන පරතරය පිළිබඳ විවේචනයක් ලෙසයි.

 

qw897rq3r0q389

මෙම කෘතිය ඇමරිකාව විසින් දේශපාලන බලය උදෙසා පවත්වාගෙන යන සැඟවුණු ආයුධයක් වන පරිභෝජනවාදය ඔස්සේ කලාව වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම පිළිබඳ කැටලන් ගේ විවේචනයක් ලෙස ද අර්ථකථනය කරන ලද අතර, කලාව සුළු කොට සැළකීම සහ ධනය ලූ‍හුබැඳීම මෙම රන් කොමඩයෙන් සංකේතවත් වන බව තවත් කලා විචාරකයින් අදහස් දක්වා තිබෙනවා.

Maurizio Cattelan Installation view America Solomon R. Guggenheim Museum 2016 2017

 

2017 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව අනාවරණය වුණේ මෙම කෘතිය මහජනයාට විවෘත කිරීමෙන් පසු දිනකට පුද්ගලයින් තුන්දහසක් පමණ තමන්ටද ක්‍රියාකාරකමක් ඇති මෙම කළා කෘතිය පරීක්ෂා කර බැලීම සඳහා පැමිණ ඇති බවයි. මෙය භාවිතා කිරීම සඳහා පෝළිමේ රැඳී සිටි සම්පුර්ණ ගණන ලක්ෂයකට ආසන්නයි. තනි රනින් නිමවා තිබු මෙහි වටිනාකම නියම කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදලකටයි. 2016 වසරට පෙර පුරා වසර 5 ක් සියලූ‍ කළා කටයුතු වින් ඉවත් වී සිටි කැටලන් මෙම America රන් කොමඩය ජනතාවට විවෘත කරන්නේ නැවත කලා කරළියට පැමිණීම සනිටුහන් කරමින්.

2017 වසරේ සැප්තැම්බර් මාසයේදී, එවකට ජනාධිපති ඩොනල්ඞ්  ට්‍රම්ප්ගේ පෞද්ගලික කාමරය සඳහා 1888 දී වැන් ගොෆ්  විසින් අඳින ලද සිතුවමක්  ධවල මන්දිරය විසින් ණයට ඉල්ලා සිටියත් එම ඉල්ලීම කෞතුකාගාරය ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට එහි භාරකරු නැන්සි ස්පෙක්ටර් කැටලන් ගේ  America රන් කොමඩය ලබා දීමට එකඟ වුණත් ධවල මන්දිරයෙන් ඊට ලැබුණු  ප්‍රතිචාරය වාර්තා වී නැහැ.

 

88667

2019 සැප්තැම්බර් මාසයේදී, America රන් කොමඩය එක්සත් රාජධානියේ බ්ලෙන්හයිම් වින්ස්ටන් චර්චිල් විසින් කලින් භාවිතා කරන ලද වැසිකිලිය තුළ ස්ථාපිත කෙරුණා. නමුත් එම මස 14 වෙනි දින මෙය සොරකම් කෙරුණු අතර සොරාගත් පුද්ගලා ලෙස සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණත් නිසි තොරතුරක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ. පසුව මෙය උණු කරන්නට ඇති බවටත් මෙය කැටලන්ගේම විහිළුවක් විය හැකි බවටත් මත පළ වුණා.

කෙසේ වෙතත් ලෝක බලවතා කොමඩයකට ආදේශ කරමින් විචාරකයින්ට විවිධ මත පළ කරන්නට ඉඩ හරිමින් ලොවට එළිදැක්වුණු  මෞරිසියෝ කැටලන් ගේ මෙම මතබේදාත්මක කලා කෘතිය, කලාව පිටුපස ගැබ්වී ඇති දරුණු දේශපාලන ඉඟි සැපයීම් වලට හොඳම උදාහරණයක්. 

 

7214a030 5b38 4372 bddf 1aff18753e1bසටහන : Yesha Fernando
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්