leader s

ඡායා : Madhubhashini Ratnayake මුහුණු පොතෙනි
 
“...පංචාල රජු වන දෲපදගේ දියණිය සහ පණ්ඩවයන් පස්දෙනාගේ බිරිඳ. ඇගේ පෙර ජීවිතයේ දී ඇය නාලායානි නම් තපස් කාන්තාවක් වූ අතර, ඊළඟ ජීවිතයේ දී ඇයට ස්වාමිපුරුෂයන් පස් දෙනෙකු ලැබීමට ශිවගෙන් වරයක් ලැබුණි.
 
කාන්තා කුසලතාවන්ගේ ප්‍රතිමූර්තිය වන ඇය වරක් ක්‍රිෂ්ණගේ ප්‍රධාන භාර්යාවන්ගෙන් කෙනෙකු වන සත්‍යභාමාට ස්වාමිපුරුෂයෙකුට සේවය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව උපදෙස් ලබා දුන්නාය. ඇය ලක්ෂ්මී දේවියගේ ව්‍යාප්තියක් යැයි කියනු ලැබේ. පංචාලි ලෙසද හැඳින්වේ. ඇය තවත් සම්ප්‍රදායක කාලි දේවියගේ අවතාරයක් යැයි ද කියනු ලැබේ...”

ද්‍රෞපදී යනු ද්‍රෞපදීගේ දියණිය වන කුමරියකි, අවසානයේ ඇය පාණ්ඩව සහෝදරයන් පස් දෙනාගේම සහකරු හෝ සහකාරිය බවට පත්වේ. ඇය ප්‍රසිද්ධ ගෞරවනීය සහ පක්ෂපාතී බිරිඳක් වන අතර, කුරුක්ෂේත්‍ර යුද්ධයට පොළඹවන සිදුවීම්වලින් එකක් වන්නේ සූදු තරඟයකින් ද්‍රෞපදී පරාජය කර ඇයට වහලියක් ලෙස සැලකීමයි.
 

ද්‍රෞපදී නිහතමානී හා යහපත් හැසිරීමක් ඇති අයෙකු වුවද, ඇයට පළිගැනීමටද හැකිය, රාත්‍රී වැටලීමෙන් පසු අශ්වාතමන් මරා දැමීමට පාණ්ඩවයන්ගෙන් ඉල්ලා සිටින විට මෙන්. ඇය ස්ත්‍රීත්වයේ  පරමාදර්ශී අනුවාදයක් නියෝජනය කරන අතර, පාණ්ඩවයන් ඇයට ගෞරවයක් වශයෙන් සටන් කිරීමට පෙළඹේ...”
 
WhatsApp Image 2025 04 03 at 11.46.25 AM
 
ඉහත පුරා වෘත්තයන් උපුටා දක්වමින්  මගේ අවධානය යොමු වන්නේ මෙහි දී රවිබන්දු විද්‍යාපති නමැති  නිර්මාණකරුවාගේ නිර්මාණාත්මක දෘෂ්ඨිය පිළිබඳව කිසියම් වූ සංස්ලේෂණයක් සිදු කිරීමටයි. 
489070135 1926047948198971 1954817162894642829 nරවිබන්දු විද්‍යාපතිඅපේ විශ්ව විද්‍යාල ඇදුරන්ගේ බුද්ධි මණ්ඩලයේ ඛේදවාචකය නම් ඔවුන් න්‍යාය වනපොත් කළ ද භාවිත-න්‍යායයෙන් අන්ධයන් සේ හැසිරීමයි.ඒ අර්ථයෙන් ගත්විට රවිබන්දු සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ඇදුරෙකු නොවන විශ්ව විද්යාලයකින් ආචාර්ය උපාධියක් දිනාගත් දේශීය නර්තනයේ සංගීතයේ අචාර්යවරයෙකි.
රවිබන්දුගේ මනඃකල්පිත සිහි කල්පනාවේ දිගුදුර මෙහෙයුම ‘ද්‍රවුපදී’ සංකල්ප රූප වලින් ප්‍රයුංජනය කර විශ්වීය යථාර්ථය කරා පෙළඹවීමයි.ඔහු ඒ සඳහා ශිල්ප ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි වෘත්තීය රූපණ ශිල්පීන් කැඳවා ඔවුන් හරහා මේ කෘතිය පරිපුර්ණ නොකළේ මන්දැයි මට මහත්  ගැටලුවකි. 
 
WhatsApp Image 2025 04 03 at 11.46.24 AM

රවිබන්දුගේ රූප ශ්‍රේණිය අතිශයින් විදග්ධයි...ඒ සංකල්ප රූ සරණියට පණ පොවන්නේ ඔහුගේම(මනුජ විකාෂ් ද ඇතුළුව) බෙර බසයි-Drum Language.නෘත්‍ය ශිල්පීන්ගේ නෘත්‍යයේ චරිතාලම්බන,උද්දීපන වූයේ එමඟිනි. ශරීර දේහ සංඥා රූපක බවට පෙළ ගැසුණේ අසිත් අතපත්තුගේ ස්වර රටා ගායනයෙනි.සාත්වික සහ සංචාරී භාවයන්ට අනුප්‍රාණය සපයන්නට පණ්ඩිත් රවිශංකර්ගේත් උස්තාද් ශකීර් හුසෙයින්ගේත් පටිගත සංගීතයත් ගෙවැද්දාගෙන තිබුණි.
 
‘ද්‍රවුපදී’ නෘත්‍ය නාටකයේ  ඉහත සංගීත සංධ්වනිය  කේවල සංගීතයක් සේ ගෙන ශ්‍රවණය කළහොත් නිර්මාණකරුවාගේ පළමු මෙන්ම පදනම් අත්තිවාරම සංකල්පමය වශයෙන් ජයගෙන ඇත.ප්‍රාසාංගික කලාවේ කුමන ක්ෂේත්‍රයක වුව පරිපාකයට පත් නිමැවුම් කරුවෙකු මී ලඟට මුහුණ දෙන ආභාග්‍ය සම්පන්න අත්දැකීම වන්නේ ඒ ඒ ක්ෂේත්‍ර නියෝජනයෙහි ඉන්නා වුන්ගේ අදුරදර්ශී ප්‍රාගුන්‍යයයි.ඒ අවාසනාව මඟ හැරගන්නට  ඊලඟට නිර්මාණකරුවාගේ ප්‍රයෝගය වන්නේ තමාගේ කල්පිතයේ නිර්මාණාත්මක ආකෘතීන් වින්‍යාසමය පදනමකට ගාල් කිරීමයි.
488051593 1926047954865637 8874853643772702741 n
මා ඉහතින් කී පරිදි මේ විචාරය රවිබන්දුගේ නිර්මාණාත්මක දෘෂ්ඨිය පිළිබඳව සලකා බලන ලියැවිල්ලක් බවට පත්වන්නේ එහෙයිනි.ඔහු පෙළන මේ අභාග්‍ය සම්පන්න සම්පත් හිඟයට ඔහුත් විත්ති කරුවෙකු විය හැකි වන්නේ අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ ඔහු ද ප්‍රවීණයෙකු බැවිනි.ක්‍රිකට් ක්‍රීඩාවේ පසුපෙළ සංචිතය සකස් කරන්නා සේ ජාතික මට්ටමේ වෘත්තීය  නර්තන කණ්ඩායම් වල සංචිත මාර්ගයෙන් මෙවැනි නිර්මාණ පොහොසත් වන බව මගේ හැගීමයි.

කෙසේ හෝ වේවා,ශාන්ති නිකේතනයෙන් නැටුම,නාට්‍ය,සංගීතය,වාදනය,ගායනය උගත් චිත්‍රසේන ඇතුළු මහා කලාකරුවන්ගේ ගොන්නට අවිවාදයෙන්ම රවිබන්දු විද්‍යාපති ද එකතුවන බව මම ලියා තබන්නේ ඔහුට කරන ගෞරවයකටත් වඩා ශ්‍රී ලාංකික  ප්‍රාසාංගික කලාවේ සංවර්ධනය අවංකව පතන සහෘදයෙකු හැටියටය.
 
 
487728872 1926047964865636 4705425409971152353 n

(සටහන | ධර්මජිත් පුණර්ජීව)
 
උපුටා ගැනීම - Dharmajith Punarjeeva ගේ ෆේස්බුක් පිටුවෙන්..

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්