මාලක දේවප්‍රිය තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “බහුචිතවාදියා” චිත්‍රපටය එළඹෙන 30 වැනිදා සිට තිරගත වීමට නියමිතය.
කලණ ගුණසේකර, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, දමිතා අබේරත්න, සමනලී ෆොන්සේකා, රජිත හේවාතන්ත්‍රිගේ, ඩී.බී.ගංගොඩතැන්න, සුලෝචනා විතානාරච්චි, නිල්මිනී බුවනෙක, ප්‍රසාදිනී අතපත්තු, ගීතා අලහකෝන් සහ ඔමාලි රාධිකා රංගනයෙන් එක්වෙති.
මාලක දේවප්‍රියගේ නිෂ්පාදනයක් වන අතර සම නිෂ්පාදනය දයානන්ද බෝඹුවලගෙනි.
හිරන්ති ගුණවර්ධන, ප්‍රියන්ත කොළඹගේ, සුරේන් දෙව්මිත් රත්නායක සහ ඩබ්ලිව් එස්. විජේසිංහ සහය නිෂ්පාදනයෙන් දායක වී ඇත.
“බහුචිතවාදියා” කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමකි.
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයකු වන විදර්ශන කන්නන්ගර මෙම චිත්‍රපට පිළිබඳව ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.
මේ අවුරුද්දෙ මුල 'රාණි’ කියන Biographical Drama ෆිල්ම් එකත් බැලුව නම්...
'නෙළුම් කුලුන' (Tentigo) කියන Black comedy සොමියත් ගත්‍ත නම්...
'වාලම්පූරි හෙවත් හීන හතහමාරක්' කියන Thriller Drama ෆිල්ම් ආතල් එකත් ගත්ත නම් (ගන්නව නම්)...
දැන් ඊළගට Dark Drama ශානරයේ Art ෆිල්ම් එකක් බලන්න කට්ටිය සෙට් වෙමු.
මාලක දේවප්‍රිය ගේ නිර්මාණයක්
බයවෙලා ඇහැරෙන වනචර චිත්‍රපටියක් !
මැයි 30 දා සිට සූදානම් වන්න...
(සටහන | විදර්ශන කන්නන්ගර )දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්






