leader s

මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කිරීමක් ලෙස මැයි මස 30 දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගතවීම අරඹයි.


මෙම චිත්‍රපටය විශේෂ දර්ශනවාර ගණනාවක දී නැරඹූ මිත්‍රයන් ඒ පිළිබඳව ඉතා වැදගත් සමාජ කතාබහක් අරඹා ඇත. බහුචිතවාදියා චිත්‍රපටය සඳහා දැනටම ලැබී ඇති දෙස් විදෙස් පැසසුම් ගණනාවකි.

චිත්‍රපටය වසර කිහිපයක් පෝළිමේ තිබුණත් එය තිරගතවීම අරඹන්නේ එහි තේමාව ජනතාවට වඩාත්ම වැඩියෙන් දැනෙන යුගයක බව මගේ අදහසයි.

 

තාරුණ්‍යයේ අපේක්ෂාවන්, පීඩනය සහ පීඩිත භාවය සේම එම තරුණ ජීවිතය බහුවිධ ආකාරයේ ආශාවන් සහ අනුරාගයන් දෙසට උද්දීපනය කරන අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය සමග ගැටගැසුණු ආර්ථිකයක පවතින මිනිස් සබදතාවයන් පිළිබද ඉතා සොඳුරු සමාජ විද්‍යාත්මක සහ සෞන්දර්යාත්මක සිනමාත්මක අත්දැකීමක් මෙම චිත්‍රපටය අපට ගෙන එයි.

වත්මන් තරුණයාගේ සිහින, ලිංගික ආදරය සහ සමාජීය සදාචාරමය සංස්ථාවන් අතර පවතින ඝට්ටනය නාගරික සහ වර්චුවල් (සයිබර්) අවකාශයක දී අතිශය සිනමාත්මකව සහ සෞන්දර්යාත්මකව රූපයට ගෙන ඒමට බහුචිතවාදියාට හැකිවී ඇත.

 

487750389 1125626169579545 6157440793853625422 n
ඉතාම දක්ෂ නළුනිළියන් රාශියක් සමග තිරයට එන බහුචිතවාදියා අතිශය නැවුම් සහ ලාංකේය සිනමා රසිකයා පෙර නොදුටු අත්දැකීමක් සහ මෙරට සිනමා ඉතිහාසයේ සංධිස්ථානයකි.

ස්කයිප් මෘදුකාංගයෙන් ආරම්භ වූ වර්චුවල් සංස්කෘතිය ෆේස්බුක්, වට්ස්ඇප්...ආදී සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම අද අප ගේ ආශාවේ සහ සදාචාරයේ සීමාවන්ට දැඩි බලපෑමක් කරනවිට බහුචිතවාදියා යනු අපගේම ජීවිත පිළිඹිඹු කරන කැටපතකි.

495205767 1156494809826014 4131499222634862328 n

වත්මන් තරුණ පෙළ මේ චිත්‍රපටය ආදරයෙන් වැළඳ ගනු ඇත.....

athulasiri samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්