වාලම්පුරි බැලුව..සිනමා ශාලාවෙ වාඩි වෙනකොටම හිතට අපු සතුට කියන්න බැරි තරම්..සියලු අසුන් පිරී තිබුණ..ලාංකික සිනමාවෙ එහෙම ප්‍රේක්ෂකාගාරයක් දකින එක අපට තිබුණ හීනයක්..
ඉතින් සතුටු නොවී පුළුවන් ද ?

"වාලම්පුරි"හෙන සංකේතාත්මකයි. හෙන දේශපාලනිකයි..ධනේශ්වර අර්ථ ක්‍රමය ඇතුළෙ වාලම්පුරිය කියන්නෙ මිනිස්සු ලුහුබඳින සිහිනවල ප්‍රකාශනයක්..ධනේශ්වර අර්ථ ක්‍රමයක සවයිවල් එකේ සංකේතයක්..
ධනේශ්වර වෙළඳපොළේ මිනිස්සු මොකක්හරි විකුණනව..දැනුම,භාණ්ඩ වගේම කායික ශ්‍රමය..එහෙම උපයන ධනය නැවත වියදම් කරවන්න ධනේශ්වරය විසින් ම නැවත හදනව බහුභාණ්ඩික උවමනාවල් ටිකක්..ඒකට මිනිස්සු ඇබ්බැහි කරනව සුපිරියටම....ඒ උවමනාවල් මිලයි..සියල්ලෝ ඒ විෂම චක්‍රයෙ ගොදුරු තමයි.

අපි වගේ මුළුමනින්ම වැඩවසම් ලක්ෂ වලින් නොමිදුණු අවවර්ධිත ධනේශ්වර සමාජයක විෂම චක්‍රය තමයි ලක්මාල් ධර්මරත්නගෙ ප්‍රකාශනයට පසුබිම් වන වැඩ විම.. ඔහු ඒකෙ අවලස්සන තැන් වගේ ම ඉතුරු පහදු වෙච්ච ලස්සන තැන් කීපයකුත් අල්ලනව..
හැබැයි මේ ධනේශ්වර විෂම චක්‍රය දැන් මීට වඩා සංකීර්ණයි.ටීටර් පෙන්නල නිධන් හාරන වැඩවසම් උපක්‍රම වගේ ම වාලම්පුරියක් ලුහුබඳින වණික් සමාජයට එහා ගියපු වෙළඳපොලක අපි ඉන්නෙ...ඒක එළියෙන් හෙන ස්මාට් උනාට ඇතුළෙන් හෙන කෲර වෙළඳ සමාජයක්..
අන්න ඒක එළියට ගන්න ලකා සිනමාව ඇතුළෙ අභ්‍යාස කරන්න ඕන කියල මම හිතනව..ලකාට ඒක බැරි නෑ..කොහොම උනත් මේ වැඩේ රහයි..
(සටහන | රවී සිරිවර්ධන)
උපුටා ගැනීම - Ravi Siriwardhana ගේ ෆේස්බුක් පිටුවෙන්....
සබැඳි ලිපි :
මධ්‍යම පන්තියේ මළ බෙර නාදය - වාලම්පූරි චිත්‍රපටයට පෙරවදනක් - ( දීප්ති කුමාර ගුණරත්න)
වාලම්පුරි ගැන කංසාමය කියවීමක් ; Spoiler Alert!!!!!!!!! (ඒ කියන්නෙ බලපු නැති උන් කියවන්න එපා) | Chinthana Dharmadasa
වාලම්පුරිය ගැන මගේ කියවීම සැකෙවින් | Sumith Chaaminda
පිරිමි හීනවල කතාව: වාලම්පුරි | අජිත් පැරකුම් ජයසිංහ






