leader s

ලාංකේය සිනමාවේ නිළි රැජින අවසන් ගමන් ගියත් ඇය සිනමාවට සිදු කළ කාර්යභාරය සහ ඇගේ රංගන කෞෂල්‍ය අගය කිරීමට හා හැදෑරීමට අපට තවත් විශාල කාලයක් ගතවනු ඇත.


සමහරවිට ඇය රගපෑ චිත්‍රපට වලින් විනාශ නොවී ඉතිරිව ඇත්තේ කීයෙන් කීයදැයි අපි නොදනිමු. චිත්‍රපට සංස්ථාවෙන් ද (ටයර් සංස්ථාව වගේ අභාවයට යන එකක්) එය දැනගත නොහැකිය.

මාලිනී හා සමකළ නොහැකිවූ වද පසුගිය දශක කිහිපයේ අපට දැවැන්ත නිළි පෞරුෂයන් ගණනාවක් සිටිය. ශ්‍රියානී, නීටා, වීණා, ගීතා, ස්වර්ණා, අනෝජා, සබීතා, අනෝමා, සංගීතා, දිල්හානී ...ඒ අතරේ ඉහළින්ම ඉන්නවා....නව පරපුරේ නිළියන් ද ගණනාවක් සිටියත් චිත්‍රපට අඩුයි.

WhatsApp Image 2025 05 28 at 8.45.06 AM 1

අද අපට ඉන්න දක්ෂතම නිළියන් කිහිප දෙනෙකු ම මාලක දේවප්‍රියගෙ "බහුචිතවාදියා" චිත්‍රපටයේ අපට හමුවෙනවා. වීණා, දමිතා, සහ සමනළී එහි ප්‍රමුඛ යි. මැයි 30 සිට මේ අය බහුචිතවාදියා සමග කරන දේ ප්‍රේක්ෂකයාට හෙළිවෙයි.

මාලිනී දැරූ කිරුළ සමණළී වැනි අයට දැරීමට ඉඩ ලැබෙයිද? ඩිජිටල් යුගය හරිම වෙනස් කියල විතරයි දැනට පෙනෙන්නේ.....

 

WhatsApp Image 2025 05 28 at 8.45.06 AM

Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්