කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන මාලක දේවප්‍රිය නිර්මාණ දේශීය සහ ජාත්‍යන්තර සම්මාන හිමි කරගත් බහුචිතවාදියා
චිත්‍රටයේ මංගල දර්ශනය ඊයේ (29) රාත්‍රි කොළඹ පීවීආර් සිනමා ශාලා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
මේ සඳහා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම සිනමා රංගවේදී රංගවේදී රන්ජන් රාමනායක, සෞම්‍ය ලියනගේ, ගීතාකාන්ති ජයකොඩි, දීපානි සිල්වා ආදී ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංග ශිල්පී කලන ගුණසේකර හා වීනා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, දමිතා අබේරත්න ආදී පිරිසක් ද එම අවස්ථාවට දායක වූ අතර ශාලාව පිරී ඉතිරී ගිය ස්වභාවයක් දැක ගත හැකි විය
බහුචිතවාදියා මෙතෙක් හිමිකරගෙන ඇති සම්මාන මෙසේය.
* හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය.
* ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උළෙල හොඳම ස්වාධීන චිත්‍රපටියට හිමි සම්මානය..
* සරසවිය සම්මාන 34 වැනි උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය.
* 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය හා හොඳම ශබ්ද නිර්මාණ සම්මානය.
40 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2018 NETPAC තරඟාවලියේ සඳහා තේරීපත්විය.
රංග මනුප්‍රිය ගේ සටහනක්
කාලයක සිට බලා සිටි මාලක දේවප්‍රියයගේ ‘බහුචිතවාදියා‘ චිත්‍රපටිය ඊයේ නැරඹීමට අවස්ථාව උදා වුණා.
මෑතකදී නැරඹූ ලාංකේය චිත්‍රපටි අතුරින් ඉතා සුවිශේෂ චිත්‍රපටයක් ලෙස ‘බහුචිතවාදියා‘ පෙන්වා දිය හැකිය.
2022 කාලයේ නිර්මාණය වූ ආර්ථික අර්බුදයේදී වෙනත් රටකට පැන ගැනීමේ උනන්දුව සැලකියයුතු තරමේ වර්ධනයක් ඇති වුවත් ඊට පෙර 2008-10 වැනි කාලයකත් ලාංකේය තරුණයා සහ තරුණියට වෙනත් විකල්පයක් නොමැති වීමේ ඛේදය චිත්‍රපටය මගින් සාකච්ඡාවට ගත හැකිය. එවැනි සමාජ-දේශපාලනික දෘෂ්ටිවාදාත්මක සංවාදයක් මෙම චිත්‍රපටිය වෙනුවෙන් සිදු කිරීමට හැකිය සහ අවශ්‍යය.
එහෙත් චිත්‍රපටියේ සිනමාත්මක බව පිළිබඳ සංවාදය ඒ තරමටම වැදගත් සහ මඟහැරීමේ අනතුරක් තිබෙනා දෙයකි. මේ දෙක සහමුලින්ම එකිනෙකින් වෙන් කළ නොහැකි වුවත්, මාලකගේ සිනමා භාවිතයේ ඇති සෞන්දර්ය සාකච්ඡාවට ගැනීමෙන්, හඳගම, ප්‍රසන්න, විමුක්ති වැනි 90 දශකයේ පුරෝගාමී සිනමාකරුවන්ගෙන් පසු බිහිවන නව ප්‍රවනතාවක් පිළිබඳ අපට සංවාදයක් ආරම්භ කළ හැකිය.
මාලකගේ ‘බහුචිතවාදියා‘ යනු මෙරට සිනමා අනාගතය සම්බන්ධයෙන් සුබවාදී හැරවුමකි. ඒ සඳහා මලිත්, ජගත්, ප්‍රියන්ත සහ මාලක වැනි අයගේ නිර්මාණය තව තවත් බිහි විය යුතුය. ඉදිරියේදී මාලකගේ සිනමා කෘතිය පිළිබඳ සංවාදයක් අරඹමු.
මාලකගේ චිත්‍රපටය නැරඹීම ඔබට ඉහළ සිනමා රසවින්දනයක් ගෙන දෙන සේම බොහෝ දුරට එය සිනමාවේ අනාගතය සම්බන්ධයෙන් කරනා යහපත් සහ ඵලදායී අයෝජනයක්ද විය හැකිය.
ප. ලි. මෙම චිත්‍රපටියේ රංගනයෙන් දායක වන මාගේ සමීප මිතුරකු සහ ගුරුවරයෙකු ලෙස මාගේ ජීවිතයට තීරණාත්මක බලපෑමක් සිදු කළ රජිත හේවාතන්ත්‍රිද ආර්ථික ගැටලු හේතුවෙන් අද සිටින්නේ එංගලන්තයේ වීම කෙතරම් උත්ප්‍රාසාත්මකද!
(රංග මනුප්‍රිය)








