leader s

‘බහුචිතවාදියා’ මුල් වරට අපිට දැකගන්න ලැබෙන්නේ 2016  වර්ෂයේදී Derana - Cinema of Tomorrow සිනමා උළෙලේදී. එහිදී බහුචිතවාදියා චිත්‍රපටියට හෙට දවසේ සිනමාව වෙනුවෙන් පිදෙන සම්මානය පිරිනැමුණා.


එය මහජන ප්‍රදර්ශනය සඳහා නිදහස් කෙරුණු මංගල දර්ශනය මැයි 29 කොළඹ One Galle Face හි PVR සිනමා හලේ දී පැවැත්වුණා. චිත්‍රපටය නිෂ්පාදනයෙන්  දශකයකට පසුයි එය තිරගත කෙරෙනුයේ.

කොළඹ නගරයේ ජන ජීවිතය එතරම් වෙනස් වී නැති වුනත් සන්නිවේදන තාක්ෂණය, මිනිස් සම්බන්ධතාවල ස්වරූපය වෙනස් වෙලා. Skype වෙනුවට Whatsapp, Zoom, Messenger වගේ ඒවා ඇවිල්ලා. GiftNet වගේ පොඩි පොඩි Online distribution ආයතන වලට අමතරව Pickme Flash, Uber, Temu, Daraz ඇවිල්ලා. TV එකේ විතරක් නෙවෙයි දොරමඩලාව, බණ, News වගේ වැඩසටහන් යන්නේ. YouTube, FB, TikTok, Instagram හරහා ඒවා වැහිවැහැලා. ජෝතිපාල මැරෙනකොට වගේ නෙවෙයි  මාලිනී ෆොන්සේකා මැරෙනකොට. එක ජංජාලයයි.

83280021 10159468735979478 5613689433179029504 o

ඒ සේරටමත් වඩා රටේ දේශපාලන පසුබිම වෙනස් වෙලා. 2016 වෙනකොට බලයට පත්වෙයි කියලා හිතලාවත් තිබුණෙ නැති JVP ප්‍රමුඛ NPP එක බලයට පත්වෙලා. පරණ සන්දර්භය ඇතුලේ contemporary ෆිල්ම් එකක් අලුත් සන්දර්භයක් ඇතුලේ කියවා ගන්නේ කොහොමද?

 

481234268 1095753492566813 9068474488436947419 n
බහුචිතවාදියා - මාලක දේවප්‍රියගේ සිනමා නිර්මාණය. 


ඉදිරිපත් කිරීම- කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයන්ගේ සංගමය

 
 
(සටහන | අශෝක හඳගම)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Asoka Handagama ගේ ෆේස්බුක් පිටුවෙන්....

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්