එන්න බෙදා ගන්න
ඇති වෙනකම් ඔන්න
බත් වෙනුවට අයිසින්වල
රහ බලපන් ඔන්න...
මොහොතට සැනසෙන්න
දෙස රැස හිතමින්න
මේ රස දිව ලන්න
අහස් යාන ගොන්න
මහ නෞකා පන්න
නෙක ඇදෙනවා
මෙන්න ආශ්චර්ය බලාගන්න...
අසංවිධිතභාවය සිනමා පටය පුරා ම
හැටේ දශකයේ ග්‍රාමීය තරුණයා නාගරිකරණය වීමත් සමග මතුව ආ තරුණ අසහනය පිළිබඳ සමාජ ගැටලුව සුගතපාල ද සිල්වා වේදිකාව තුළ සාකච්ඡාවට බඳුන් කළ අතර ධර්මසේන පතිරාජ හැත්තෑව දශකයේ අහස් ගව්ව ආදී චිත්‍රපට හරහා එකී සාකච්ඡාව වඩාත් පුළුල් මාවතකට ප්‍රවේශ කළේ ය. එකී සමාජ ගැටලුවේ ම වර්තමාන ප්‍රවේශය සංකීර්ණ පරිභෝජනවාදී සමාජ ව්‍යුහයක සයිබර් අවකාශයක උඩු දුවන ආකාරය ඊයේ රාත්‍රී PVR සිනමා සංකීර්ණයේ දී අප නැරඹූ මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා නවතම සිනමා සිත්තම තුළින් අපි නැවත අත් වින්දෙමු.

සිනමා පටය පුරා ම පැවතියේ අසංවිධිතභාවයකි. එහි සංවිධිත භාවය ද එයම ය. එතුළින් නූතනවාදී ප්‍රවේශ ආකෘතියක් අත්හදා බැලීමට සිනමාකරුවා සමත් විය. සිනමා පටය පුරා සියලු සිදුවීම් ඡේදනය කරමින් එක් වන අහස උසට දිවෙන කර්කශ කටුක ගොඩනැගිලි සමුදාය අතරතුර මැවෙන සිදුවීම් සමුදාය online Gift delivery කරන ආයතනයක සේවය කරන බහුචිතවාදියා වටා කේන්ද්‍ර වේ. අනෙකුත් සියලු චරිත එකී කේන්ද්‍රීය ධාරාව වටා බැඳී සිටි.

සමස්ත සමාජ ඛේදවාචකය නව මාන ඔස්සේ
එකී කේන්ද්‍රීය ධාරාව වටා බැඳී සිටින චරිත රඟන රූපණවේදීන් මෙන් ම කේන්ද්‍රීය චරිතය වන තරුණයාගේ භූමිකාව නිරූපණය කරන කලණ ගුණසේකර සිය රූපණ පෞරුෂය තුළ චිත්‍රපටයට අපූර්වත්වයක් ගෙන එයි. එකී රූපණ කාර්යයේ අසීරුතාව වනුයේ රඟපෑම නොව රඟනොපා චරිතය තුළ ජීවත්වීම ය. එකී කලණ ගුණසේකරගේ යථාර්ථවාදී රූපණ ප්‍රවේශය මාලක දේවප්‍රියගේ නැවුම් සිනමා රූපි අත්හදා බැලීමට ද මහඟු පිටුබලයක් වී ඇත.

එහිලා ලක්ෂ්මන් මෙන්ඩිස්ගේ පරිණත රංග විලාසය ද අප සිත් ගැනීමට සමත් විය. පරිභෝජනවා දී සමාජයක එයට ම ගොදුරු වූ නව යෞවනයාගේ සිහින ඉදිරියේ ලිංගික සූරා කෑමට බඳුන්වන කාන්තා චරිතවල ඛේදවාචකය ද ඒ හරහා ම ප්‍රධාන භූමිකාවේ ඛේදවාචකය ද සියුම් ව හුවා දක්වමින් සමස්ත සමාජ ඛේදවාචකය නව මානයන් ඔස්සේ දැකීමට බහුචිතවාදී සිනමා පටය අප ව යොමු කරයි.
එය ඔබ නැරඹිය යුතු ම චිත්‍රපටියකි...
(සටහන | ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර)
Indrapiya Uditha Kumara ගේ ෆේස්බුක් පිටුවෙන්...






