මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා සිනමා පටය සිනමාව පමණක් නොව කවර කලාවක් ගැන වුව උනන්දුවක් දක්වන හැම කෙනෙකුම නැරඹීම වටී.
මාලක දේවප්‍රියමාලක මේ සිනමා පටය නිර්මාණය කරගෙන ප්‍රදර්ශනයට හැකියාවක් නැතිව කාලයක් සිටියේය. ඒ සිවිල් බලයක් නැති කම නිසා යැයි සිතමි. ප්‍රදර්ශනය නොකළ යුතු තරමේ චිත්‍රපට පවා යුහුසුළුව ප්‍රදර්ශනය කෙරෙන්නේ සිවලි බලයේ මහිමයෙන් යැයි මම සිතමි. මාලක කෙසේ හෝ ප්‍රේක්ෂකයා අබිමුවට සිනමා පටය ගෙනැවිත් තිබේ.
බහු විධ කුසලතා ඇති තරුණ නිර්මාණකරුවෙකු වන මාලකට කළ හැකි දේ බොහෝය. මේ සිනමා පටය නැරඹීමෙන්, සැලකිය යුතු කාලයක් ප්‍රදර්ශනය කරන්නට හැකි අන්දමට ප්‍රේක්ෂක අවධානය යොමු වීමෙන් මාලකගේ කලා ජීවිතයට කාටත් දායක විය හැකි යැයි ද මම සිතමි.

මම නැවත වරක් මුදල් ගෙවා දෙන්නෙකුවත් කැ'දවාගෙන ගොස් මේ සිනමා පටය නරඹමි. ඔව් තව සැරයක් තව කිහිප දෙනෙක් කැටුව ගොස් නරඹමි. සුළු වශයෙන් හෝ මේ සිනමා පටය ප්‍රමාණවත් කාලයක් ප්‍රදර්ශනය කිරීමට මට දායක වන්නට හැකි එලෙසිනි. මේ වූ කලි ආධාර කිරීමක් නොවන බව ද පවසමි. හොඳ සිනමා නිර්මාණයක් අමාරුවෙන් කළ කලාකරුවෙකුගේ ප්‍රතිභාවට පුංචි ප්‍රණාමයකි.

මාලක සිය රේඩියෝ නාට්‍යවලින් විදහා පෑ රචනා කෞශල්‍යය, සාහිත්‍ය ඥානය ඔහුගේ කලා ජීවිතයට අදාළ සුදුර්ලභ උරුමයකි. මාලකට තව සිනමා පටයක් නිර්මාණය කරන්නට දිරි දෙන සිතින් අපි මේ සිනමා පටය නරඹමු.
| සරත් විජේසූරිය
උපුටා ගැනීම - Sarath Wijesooriya ගේ ෆේස්බුක් පිටුවෙන්....







