leader s

මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ දැන් තිරගතවෙමින් ඇති Bahuchithawadiya බහුචිතවාදියා The Undecided චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ මූලික ලක්ෂණය නම් ඔහු බහු ලිංගික සබදතාවයන් වෙත ක්ෂණිකව ගමන් කිරීමයි. එය වර්චුවල් sex හෝ ශාරීරික ලිංගික සබඳතාව ද හෝ වීම විශේෂත්වයකි.


ඔන්ලයින් වෙළදාමකට සම්බන්ධ රැකියාවක නිරතවීම නිසා සසිත වන්නිගම තරුණයාට (කළණ ගුණසේකර) ස්කයිප් හරහා සහ භාණ්ඩ ඩිලිවරි කිරීමේදි නිවෙස්වල දීමත් නිරන්තරයෙන් විශාල කාන්තාවන් ප්‍රමාණයක් හමුවෙයි. ඒ හැම කාන්තාවකටම සුවිශේෂී ගැටළු තිබේ. නමුත් අවසානයේ දී ඔවුන් සියළු දෙනා සසිත සමග ලිංගිකව හැසිරෙන බව පෙනෙයි.

 

WhatsApp Image 2025 06 01 at 2.06.07 PM 1
මැදපෙරදිග ගෘහ සේවිකාවන් හෝ ධනවත් වයෝවෘධ ස්ත්‍රීන් හෝ හුදකලා වූ සැමියා විදෙස්ගත ස්ත්‍රීන් හෝ දික්කසාදවී ඇති ස්ත්‍රීන් සියලුම දෙනාට හමුවන පිරිමියා, මිතුරා, ඔන්ලයින් පෙම්වතා, හෝ ආරක්ෂකයා බවට සසිත පත්වෙයි.

 

බහුචිතවාදියා නරඹන්න | සරත් විජේසූරිය

සසිතට රැකියාවෙන් හරිහමන් වැටුපක් නැත. ඔහු ශ්‍රම සූරාකෑමට ලක්ව ඇත. නමුත් ඔහු රැකියාව කරන්නේ ඔහුට ලැබෙන සංනිවේදන පහසුකම් වන පරිඝණකය සහ නගරයේ උජාරුවෙන් කරක්ගැසීමට ලැබෙන මෝටර් සයිකලය නිසාය. මෙම උපකරණ හරහාම සසිතට යම් අනන්‍යතාවයක් ගොඩනැගෙන අතර එම භෞතික වස්තූන් සමග ඔහුට අර්චනකාමීත්වයක් ඇත.

බහුචිතවාදියා : මැයි 30 දා සිට ලාංකීය ප්‍රේක්ෂාගාරයට

 

වත්මන් අන්තර්ජාල ධනවාදය තුළ ඌන උපයෝජිත ශ්‍රමයේ ස්වභාවය සහ එම ශ්‍රමිකයාමත් යාන්ත්‍රික මනුෂ්‍ය ස්වභාවයකට පත්ව පරාරෝපිත alienated තත්වයක් කරා පත්වන ආකාරයත් චිත්‍රපටයේ ගැඹුරු තේමාවයි.

නමුත් කතාපුවත තුළ ප්‍රධාන චරිතය යනු ආර්ථික පීඩනය නිසාම තම අනාගතය පිලිබඳ පවතින දැඩි අවිනිශ්චිතතාවය හා මානසික පීඩනය නිසාම ඇතිවූ තත්වයක් මත, සමහරවිට එම තත්වය තාවකාලිකව අමතක කිරීමට, ලැබෙන ඕනෑම අවස්ථාවකදී ගැහැණු සමග වයස් බේදයකින්, ප්‍රේමයකින්, හැගීමකින් තොරව යාන්ත්‍රිකව රමණය කරන, ඔවුන්ව රවටන, විවාහය හෝ ප්‍රේමය ගැන ස්ථිර අදහසක් නැත්තෙකි.

චිත්‍රපටය එක අතකින් අන්තර්ජාල සමාජ මාධ්‍ය ධනවාදය හරහා පුද්ගලයා විපරීත කාමුකත්වයේ නිරූපණයක් බවට  පත්වන අයුරු පසුබිමේ තබයි. අනෙක් අතට පංති භේද, ලිංග භේද, සංස්කෘතික භේද අතික්‍රමණය කරමින් එකිනෙකා විසින් එකිනෙකා යාන්ත්‍රිකව පාවිච්චි කරන, ලිංගිකව, ආර්ථිකමය ලෙස, සහ භාවාත්මක ලෙස සූරාකෑමට ලක්කරන සහ ලක්වන ආකාරය ගැඹුරින් නිරූපණය කරයි.

සෙක්ස් සීන්  බැලීම සදහා හෝ තම පෙම්වතිය සමඟ තනිවීමට අඳුරු අවකාශයක් සොයා හෝ නැතිනම් සැබෑ සිනමාත්මක අත්දැකීමක් සොයා හෝ වැස්සකට හෝ සිනමාශාලාවට යන සැමට "බහුචිතවාදියා" යනු අතිශය ගැඹුරු ජීවිත අත්දැකීමක් හෝ වඩාත් ක්ෂතිමය අත්දැකීමක් ගෙනදිය හැකි විශිෂ්ට සිනමා කෘතියකි.

WhatsApp Image 2025 06 01 at 2.06.08 PM
athulasiri samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්