leader s

මං දන්නෑ මේ චිත්‍රපටියෙ ඇට්ටර ඩිරෙක්ටරයා අහවල් එහෙකට මේ වගේ නමක් මේ චිත්‍රපටියට දැම්මද කියලා. චිත්‍රපටියේ ඇති බොහෝ අලුත් ලක්ෂණ එක්ක නමක් ද අළුතින් හඳුන්වලා දෙන්න  වෙන්න ඇති. ඒ අර්ථයෙන් නමේ පොඩි ආතල් එකක් නැත්තෙම නෑ.


නමුත් මේ  වගේ නම්වලට සමීප වෙන්න බැරි ප්‍රේක්ෂකාගාරයක් ද ඉන්නවා. මම මේ සටහනින් අමතන්නේ අන්න ඒ අයටයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන නමුත් නම නිසා මේක අපිට සෙට් වෙන්නැති චිත්‍රපටියක් කියලා හිතන්න ඉඩ ඇති ප්‍රේක්ෂකයින්ටයි. ඩිරෙක්ටර් ද කලින් ටෙලි නාට්‍ය චිත්‍රපටි හදලා නැති ජනප්‍රිය ධාරාවේ හමුවෙලා නැති අමුතු තොප්පියක් දාගෙන ඉන්න පොඩි එකෙක් වගේ නිසා ජනප්‍රිය දෘෂ්ටියට සෙට් වෙන්නැති වෙන්න පුළුවන්. ඒ අය දන්නේ නැතුව ඇති මාලක මීට කලින් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනපු කෙටි චිත්‍රපටියක් ද හදලා තියෙනවා. මාලක හැමතිස්සේම අලුතින් සහ වෙනස්ව හිතන්න උත්සාහ කරන හිතුවක්කාර නිර්මාණකරුවෙක්. ඇට්ටර ඩිරෙක්ටර්!

 

485313582 10161501043698683 7729403747768630826 nමාලක දේවප්‍රිය

සමහර චිත්‍රපටියවලට නමේ සිට කතිකාවෙන්ම දෙන අනවශ්‍ය බර ඒ චිත්‍රපටි සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ගෙන් ඈත්වීමට හේතු වෙන අවස්ථා තියෙනවා. මේ චිත්‍රපටියටත් එහෙම දෙයක් වුණොත් අපරාදෙ. මොකද අපි දන්නවා චිත්‍රපටියක් හදපු මොහොතේ ඉඳලා  නිෂ්පාදක ඇතුළු සිනමාකරුව උත්සාහ කරන්නේ ඊට පුළුවන් තරම් ප්‍රේක්ෂකයින් ගෙන්ව ගන්නයි. ඒක  චිත්‍රපටියෙ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක කාරණයක්.

undecided 250513

මේක එහෙම නම හෝ කතිකාව නිසා සාමාන්‍ය රසිකයින් වන ඔබ විසින් ඈත් කළ යුතු චිත්‍රපටියක් නෙමෙයි. මේකේ තියෙන කැමරා සහ ආඛ්‍යාන ය ආදීයේ ඇති පර්යේෂණාත්මක ලක්ෂණ  මොහොතකට පැත්තකින් තිබ්බත් මේක ඕනෑම සාමාන්‍ය ප්‍රේක්ෂකයකුට බලන්න පුළුවන් ත්‍රිලර් එකක්. facebook එකේ චැට් කරන කොල්ලෝ කෙල්ලන්ට බොක්ස් ගිහිල්ලා බලන්න මරු චිත්‍රපටියක්. මේකට දාන්න තිබුනෙ 'Online හොරා' කියලා.  ඇත්තටම ඔබ සමග ඔන්ලයින් චැට් කරන  පෙම්වතුන්ගෙ රහස්  දැනගන්න බලන්න මේ චිත්‍රපටිය. අද online යාළුවන් හම්බ වෙන බොහෝ අය දන්නෙ නෑ ඒ යාළුවන් තමන්ව හොයාගෙන එන්නේ ඇයි කියලා.

images 2025 06 05T105256.429
ඒ පිට පස්සෙ තියෙන හාස්‍යජනක අනුවේදනීය කතාව. අද දවසේ අතරමං ඇති තරුණ ජීවිත සහ එය නිර්මාණය කරන ආර්ථික දේශපාලන පරිසරය. ඒ වගේම ඔබත් ගැහැණුන් සොයා යන  online හොරෙක් නම් මේ විචිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න. අද රෑට චැට් කරන්න කලින් මේ චිත්‍රපටිය බලන්න!

(සටහන | ධනංජය කරුණාරත්න)

උපුටා ගැනීම - Dhanjaya Karunarathne ෆේස්බුක් පිටුවෙන්


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්