leader s

මේ මොකක්ද මේ අපබ්‍රංස වචනෙ?


"බහුචිතවාදියා"

"අම්මෝ මේක නම් හෙන සම්භාව්‍ය වැඩක් වෙන්නැති. අපිට ඕව තේරෙන්නෙ නෑනෙ. "

කියල හිතල මේක බලන්නෙ නැතුව අතහරිනව ද?

 

83280021 10159468735979478 5613689433179029504 o
ඒක නම් කරන්න එපා.

ජනවාරි ඉඳල නැගගෙන නැගගෙන ආපු සිංහල සිනමා රැල්ලෙ හොඳම ෆිල්ම් එකක් තමයි මේක.

 

මහා අපභ්‍රංස නමක් තිබ්බට මේක හරිම සරල කතාවක්.

කොටින්ම කිව්වොත් මේක උ|ඹලගේ අපේ කතාවක්.

පතුලටම වැටුන ආර්ථිකයක් තියෙන රටක, මධ්‍යම පන්තියෙත් පතුලෙම, එක්කො ඊටත් දුප්පත් අපි හැමෝගෙම කතාවක්.

එහෙම සමාජයක ඉපදුන අපිට හීන ගොඩයි.

හැබැයි එකෙක් දෙන්නෙක් ඇරෙන්න බහුතරයක් දන්නෙ නෑ මේ සමාජ පන්තියෙ පතුලෙන් එලියට ඇවිත් ඒ හීන සැබෑ කරගන්නෙ කොහොමද කියල.

481234268 1095753492566813 9068474488436947419 n

 

ඉතින් ඒ බහුතරය හීන සැබෑ කරගන්න කෙටි පාරවල් හොයනවා, අහසෙ ඉහලම තියෙන ඒ හීන අල්ලන්න ඉනිමං හොයනවා . සිංහලෙන්ම කිව්වොත් ඔප්ෂන්ස් හොයනවා. එකක් නැත්තම් තව එකක් එකක් නැත්තම් තව එකක්.

ඉතුන් මේ බහුතරයකට බෑ එක හිතක් තියාගෙන එක තැනක ඉන්න.

මෙන්න මේ බහුතරයෙන් එකෙක්ගෙ කතාවක් තමයි "බහුචිතවාදියා" කියන්නෙ.

බහුචිතවාදියා කියන එකේ තේරුම එක හිතක් නැති එකා කියන එක.

ඉතින් මේ බහුචිතවාදියාගෙ හීනෙට යන්න , තමන්ගෙ හිත කෑලි කෑලි වලට බෙදලා ඉනිමං කීපෙක නගින්න උත්සාහ කරනවා.

මේ බහුචිතවාදියා පාවිච්චි කරන ඉනිමං කියන්නෙත් මේ ඉනිමං පාවිච්චි කරන තද පතුල් වලට තැලිලා පොඩි වෙලා හැමදාමප්ත් පාවිච්චි වුන ඉනිමං.

 

රාණි : අසංස්කෘතික දේශපාලනයක් - පරාරෝපිත පැවැත්මක් | විමලනාත් වීරරත්න)

මේ අවුරුද්දේ ජනවාරි ඉඳලා  සිංහල චිත්‍රපටි රැල්ලක් හැදුනා. හඳගමගෙ රාණිගෙන් පටන් අරන්, ඉලංගෝගෙ නෙලුම් කුලුනෙන්, ලකාගෙ වාලම්පුරි වෙනකල් වෙනස් වෙනස් විදියෙ චිත්‍රපටි 3ක්.

රාණි ගැන විවේචන ගොඩක් තිබ්බත් හෝල් පිරෙන්න බැලුවා. නෙලුම් කුලුණත් හෝල් පිරෙන්න බැලුවෙ බඩ අල්ලං හිනාවෙන ගමන්. වාලම්පුරියෙන් අපි දැක්කෙ මෑතකාලීන සිංහල සිනමාවෙ නොදැකපු ත්‍රිලර් එකක්.

මේ ජනප්‍රිය රැල්ලෙ ජනප්‍රිය නොවුනට ඔය චිත්‍රපටි 3ටම වඩා හොඳ චිත්‍රපටයක් තමයි බහුචිතවාදියා කියන්නෙ.

මම එහෙම කියන්නෙ මේ චිත්‍රපටියෙ එක අංශෙකින්වත් කිසිම වැරැද්දක් දැක්කෙ නෑ මම. 

බහුචිතවාදියා කතාව:

xfgdrfgf
හරිම සරලයි. මුල ඉඳලා අගටම වැඩි ආටෝප නැතුව හරිම ලස්සනට ගලාගෙන යනවා. වැඩි දේවල් අනවශ්‍ය දේවල් ඔබලා නෑ. මේක අපේ සමාජ පන්තියෙ කතාවක් නිසා අපිට දැනෙනව වැඩියි. මීට අවුරුදු 10කට විතර කලින් පටන් ගත්තු වැඩක් නිසා කතාවෙ අන්තර්ගතයෙ පරණ ගතියක් තිබ්බට මේ කතාව අදටත් වලංගු කතාවක්. අවුරුදු ගාණක් මේ චිත්‍රපටය පෝලිමේ ලැගලා දෙකයි පනහෙ රජ කතා හෝල් වලට ආපු එක නිර්මාණ කරුවගෙ වරදක් නෙමෙයි.

නලු-නිලි වරණය සහ රඟපෑම්:

චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන කලණ ගුණසේකර, සෙසු චරිත රඟපාන ලක්ෂ්මන් මෙන්ඩිස්, දමිතා අබේරත්න, වීණා ජයකොඩි, සමනලී ෆොන්සේකා, නිල්මිණී බුවනෙක, සුලෝචනා විතානාරච්චි, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්‍රිගේ, ප්‍රසාදිනී අතපත්තු, ඩී.බී. ගංගොඩතැන්න ඇතුලු මේ චරිත වෙනුවෙන් තෝරගෙන තිබ්බ නලු නිලියො හැම කෙනෙක්ම ඒ ඒ චරිතවල ස්වභාවයට 100%ක්ම තිතටම ගැලපෙන අය. මම මෑත කාලෙදි සිංහල චිත්‍රපටියක දැකපු හොඳම casting තමයි මේ.

බහුචිතවාදියාගේ ප්‍රේමය සහ ආශාව | Athulasiri Samarakoon

 

කලණගෙ ලක්ෂ්මන්ගෙ දමිතගෙ වීණගෙ ඉඳල හැම කෙනෙක්ගෙන්ම perfect acting දකින්න පුලුවන් මේ චිත්‍රපටියෙ. ඒකට හේතුව සුලු චරිත වලට පවා රංගන හැකියාවෙ උපරිම නලු නිලියො තෝරගැනීම.

ලංකාවෙ ප්‍රවීණයි කියල බොරුවට පුම්බපු අධ්‍යක්ෂකවරු හරියට නොකරනම වැඩක් තමයි casting. කියන්න සතුටුයි තමන්ගෙ පලවෙනි ෆිල්ම් එක වෙලත්, ඉතාම අඩු වියදමකින් චිත්‍රපටිය හදලත් මාලක දේවප්‍රිය ඒ වැරැද්ද කරල නෑ.

චිත්‍රපටියෙ කලණලා, වීණලා, දමිතලා, සමනලීලට අමතරව චිත්‍රපටයෙ අතුරු චරිත රඟපාන නලු නිලියො මේ සිංහල සිනමාව නිසි තැනක් නොදී විසි කරපු මැණික්. කලණගෙ යාලුවට රඟපාන රජිත හේවාතන්ත්‍රිගේගෙ රඟපෑම් නියමයි. හැබැයි ඒ නලුවා දැන් මේ රටෙත් නැද්ද මන්දා. නිල්මිණි බුවනෙක කාලයක් ටෙලි ඩ්‍රාමා වල හිටියත් දැන් පේන්න නෑ.

සිනමාරූපණය :

487750389 1125626169579545 6157440793853625422 n
හැම වෙනසක්ම වගේම බහුචිතවාදියාගෙ සින්මාරූපණයත් හරි වෙනස්. ටිපිකල් සිංහල චිත්‍රපටයක දකින්න නොලැබෙන perfect සිනමාරූපණයක් දකින්න තියෙනවා. චින්තක සෝමකීර්ති තමයි මේ දක්ෂ සිනමාරූපණය කරල තියෙන්නෙ.

මේ හැමදේම මනාව සංකලනය කරල සර්වසම්පූර්ණ නිර්මාණයක් සිංහල සිනමාවට දීපු එකේ ගෞරවය දෙන්න ඕන චිත්‍රපටියෙ අධ්‍යක්ෂක මාලක දේවප්‍රියට. විශේෂයෙන්ම ඉතාම අඩු බජට් එකින් වරදක් කියන්න බැරි චිත්‍රපටයක් තිතටම කරන්නෙ කොහොමද කියන එක මාලක පෙන්නල තියෙනවා.

ගොඩක් තැන්වල කියල තිබ්බා වගේ බහුචිතවාදියා මේ රටේ සිනමාව හදාරණ සිනමාව ඉගෙනගන්න අය අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්.

අනික තමයි ලක්ෂ 1500ක් වගේ මහා සල්ලි කන්දරාවක් තියාගෙන මෙලෝ වැඩක් නැති රජකතා හදන කාලෙක ලක්ෂ 1500කින් 1/10 ක් වත් නැතුව තිතට චිත්‍රපටයක් හදන එක මැජික් එකක්.

සිනමාවට ආදරේ කරන කිසිම කෙනෙක් "බහුචිතවාදියා" මගහැරගන්න නම් එපා.

 



(සටහන | අසංක ශ්‍රීනාත්) 

 
WhatsApp Image 2025 06 08 at 12.43.27 PM
WhatsApp Image 2025 06 08 at 12.43.27 PM 1

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්